බස්රථ පරීක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, පොලිස් නිලධාරීන් 400 දෙනෙකු පමණ මේ සඳහා අනුයුක්ත කර ඇති බවය.
බස්රථවල නිරෝධායන නීති අනුගමනය කරන්නේ ද යන්න සහ රියදුරන්ගේ හැසිරීම් පිළිබඳව සොයා බැලීමට මෙම පොලිස් නිලධාරීන් යොමුකර ඇති බවයි අජිත් රෝහණ මහතා සඳහන් කළේ.