කොවිඩ් වසංගතය පාලනය කරන අතරම රට තුළ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය නිරීක්ෂණය සඳහා එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනය අනුව ඉදිරිපත් කළ ආර්ථික හා සංවර්ධන සැලැස්ම අනුව ජනතාවට ලබාදුන් සංවර්ධනීය බලපොරොත්තු යථාර්ථයක් බවට පත් කිරීම වෙනුවෙන් රට තුළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි.
ඒ අනුව, දිවයිනපුරා ක්‍රියාත්මක මහා පරිමාණයේ හා ග්‍රාමීය මට්ටමින් සිදුවන කුඩා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘතීන්වල ප්‍රගතිය විෂයභාර අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයට ලක්වේ.
එම සංවර්ධන ව්‍යාපෘති නිවැරදිව ක්‍රියාත්මකවීම, නියමිත ප්‍රමිතිය, අඩුපාඩු සහ ප්‍රමාද දෝෂයන් ඇත්නම් හඳුනාගෙන ඒ සඳහා කඩිනම් විසඳුම් ලබාදෙමින් නියමිත කාලවකවානුවලදී එම ව්‍යාපෘතීන් අවසන් කිරීමේ හැකියාව පිළිබඳව අමාත්‍යවරයා මෙම නිරීක්ෂණ චාරිකාවන්වලදී අධීක්ෂණය කරනු ලබයි.
ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ පහත සඳහන් ස්ථානවල ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල වත්මන් ප්‍රගතිය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.