සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට සේවයට වාර්තා කිරීමට හෝ සේවයෙන් ඉවත්වීමට ලබාදුන් සහන කාලය අද (12දා) දිනයෙන් අවසන් වන බව හමුදා මූලස්ථානය සඳහන් කරයි.
පසුගිය 05 වැනිදා සිට ක්‍රියාත්මක වන සහන කාලයට අනුව ඊයේ (11දා) දිනය දක්වා කාලය තුළදී ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 6137ක් වාර්තා කර තිබෙන බවද, හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්රි‘ගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මෙම පිරිසෙන් දහතුන් දෙනෙකු නිලධාරීන් බවත්, ඉතිරි පිරිස් සෙසු නිලයන්ට අයත් බවත් ඔහු කියා සිටියේය.
නිලධාරීන් දහතුන් දෙනාගෙන් හය දෙනෙකු යුද හමුදා සාමාජිකයන් බවත්, සෙසු නිලයන් යටතේ යුද හමුදා සාමාජිකයන් 4528ක් කඳවුරුවලට වාර්තා කර තිබූ බවත්, නාවික හමුදා සාමාජිකයන් 572ක් හා ගුවන් හමුදා නිලධාරීන් හත්දෙනෙකු සහ සෙසු නිලයන්වලට අයත් 1024ක් කඳවුරුවලට වාර්තා කර තිබූ බවත් ඒ මහතා සඳහන් කළේය.
ලබා දී තිබෙන සහන කාලයෙන් ප්‍ර‘යෝජනය ගෙන නිවාඩු නොලබා සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ළඟම කඳවුරරට හෝ පුහුණුව ලැබූ කඳවුරට හෝ සේවය කළ කඳවුරට වාර්තා කරන ලෙසද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
සේවය හැරගොස් සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් රාජකාරි කටයුතුවලට යොදා ගැනීම දඬුවම් ලැබෙන වරදක් බවත්, මේ නිසා සේවය හැරගොස් සිටින පිරිස් පොදු සමා කාලය තුළ ලබා දී තිබෙන වරප්‍රසාද ලබාගැනීමට යොමු කිරීමට සියලුම දෙනාගේ වගකීමක් බවද බ්රි‘ගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.
කඳවුරුවලට වාර්තා කර සේවයෙන් ඉවත්වීමට හෝ නැවත සේවයට එක්වීම සඳහා අවශ්‍ය පහසුකම් ලබාගත හැකි බවත්, මෙම පහසුකම 2019 සැප්තැම්බර් 30 වැනිදාට පෙර සේවයට වාර්තා නොකළ පිරිස් වෙත බලපැවැත්වෙන බවත් හමුදා මූලස්ථානය සඳහන් කරයි.