කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 13 දෙනෙකු වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල PCR පරීක්ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහල් වෙතින් මුදා හැර ඇත.
මෙම නාවික හමුදා පුද්ගලයින් 13 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාදනය වී රෝහල් ගත කල සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 250ක් දක්වා සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.
රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියලූම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.