විදෙස් ගතවි පැමිණ තම නිවෙස් තුලම දින 14 ක ස්වයං නිරෝධායනය වු පුත්තලම දිස්ත්‍රික්කය තුල පදිංචි පිරිස් වෙත විශේෂීත සහතිකයක් ලබා දිම ආරම්භ කල බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය පවසා සිටියේ ඉතාලිය ඇතුළු රටවල් රැසකින් පැමිණි 1,346 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබු බවයි.
එම පිරිසෙන් 500 වැඩි පිරිසක් මේ වන විට දින 14 ක ස්වයං නිරෝධායන කටයුතු වල යෙදි අවසන් කර ඇති බවත් මෙයින් බහුතරයක් මාරවිල , මහවැව, වෙන්නප්පුව , දංකොටුව , ආදි ප්‍රදේශ වල පදිංචිකරුවන් බවත් අධ්‍යක්ෂවරිය පැවසිය.
අදාළ පිරිස් නිරෝධායන කටයුතු වෙනුවෙන් යොමු කිරිම සදහා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන් ,මහජන සෞඛ්‍ය අංශ , සේම අනිකුත් සෞඛ්‍ය අංශ මේ සදහා මහත් කැපවිමේන් රාජකාරි වල නිරත වි සිටින බව ඇය පැවසිය .
එසේම අදාළ නිරෝධායනයට ලක්වු පිරිසට ලබා දෙනු ලබන සහතිකය එම පිරිස නැවත විදේශ ගත විමකදි අතවශ්‍ය සහතිකයක් බවද කියයි.