සේවයට වාර්තා කරන සේවකයින්ට සහ නිවසේ සිට ඩිජිටල් තාක්ෂණය මඟින් හෝ වෙනත් ආකාරයකින් සේවය කරන සේවකයින් සඳහා සේවායෝජක විසින් සාමාන්‍ය පරිදි වැටුප් ඇතුළු සියළු දීමනා පෙර පරිදි ගෙවීමට බැඳී සිටින බව කම්කරු කොමසාරිස් ජෙනරාල් ඒ. විමලවීර මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නෙ යම් සේවයෝජකයකු විසින් නිවසේ රඳවා සිටින සේවකයින්ගේ වැටුප් ගෙවීම් සම්බන්ධව ඇති කර ගන්නා ලද එකඟතාවයට වඩා වැඩි ගෙවීමක් හෝ ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයේ ගෙවීමක් සේවකයින්ට සිදු කරන්නේ නම්, එම ගෙවීම ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට කටයුතු කිරීම රජය අපේක්ෂා කරන අතර මෙම තීරණය හේතුවෙන් එම ගෙවීමට කිසිඳු බාධාවක් නොවන බව සැලකිය යුතු බවද ඔහු පවසයි.
ජාතික කම්කරු උපදේශක සභා රැස්වීමේ දී සාමාජිකයින්ගේ බහුතර එකඟතාවයෙන් සේවායෝජකයින් විසින් නිවසේ රඳවා තබන සේවකයින් සඳහා වැටුප් ගෙවීමට අදාළව මූලික වැටුපෙන් භාගයක් හෝ රුපියල් 14500ක් යන අගයෙක් වැඩි අගය ගෙවීමේ තීරණය 2020 ජූලි, අගෝස්තු හා සැප්තැම්බර් මාස දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බවද ඔහු පවසයි.
මෙම තීරණය අදාළ වන්නේ සේවායෝජකයින් විසින් කොරෝනා වසංගතයේ බලපෑම හේතුවෙන් සේවය අවසන් නොකර වැඩ ලබා දීමට නොහැකිව නිවසේ රඳවා තබන සේවකයින් සඳහා පමණක් බවද කොමසාරිස් ජනරාල්වරයා පවසයි.