කෑගල්ල ප්‍රදේශයේ දෙදරු මවක් සිය ස්වාමියාගේ පිහිපහරට ලක් විමෙන් මිය ගොස් ඇති බව කෑගල්ල පොලීසිය අද ( 17 ) පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ 36 හැවිරිදි මීදුම, යටගම, රඹුක්කන පදිංචි කාන්තාවකි. ඇය මිය ගොස් ඇත්තේ අද දින කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුත්තකට පැමිණී අවස්ථාවේ සිය ස්වාමියා විසින් ඇයගේ ලය ප්‍රදේශයට සිදු කරන ලද දරුණු පිහි ඇණුමකදිය. එම පිහි ඇණුම සිදු වි ගතවු නිමේෂයකින් ඇය මිය ගිය බවත් මෙම පිහි ඇණුම සිදු කර ඇත්තේ අධිකරණ පරිශ්‍රය තුළදිය.
පිහි ඇණුම සිදු කරන පුද්ගලයා යුධ හමුදාවේ සේවය කරන අතර මිය ගිය කාන්තාව සමග විවාහ වි සැමියා පදිංචිව සිටි දිවෙල කෑගල්ල ප්‍රදේශයේ ජිවත් වි ඇති අතර දීවෙල පදිංචිව සිටින අතරවාරයේ කාන්තාවගේ උපන් ගම වන රඹුක්කන මීදුම, යටවල ප්‍රදේශයේ නව නිවසක් ඉදි කර එම නිවසේ පදිංචිව කාලය ගත කර ඇති බව දැනට ලැබි ඇති තොරතුරු වාර්තා කරමින් පොලීසිය පවසයි.
එම නිවසේ සිටියදි දෙදෙනා අතර ඇති කර ගත් පවුල් ආරවුලක් දුර දිග ගොස් එම නඩු විභාගය අද පෙරවරුවේ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේදි විභාග විමට තිබුණු අවස්ථාවේ මෙම ඛේදවාචකය සිදු කර ගෙන ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර 40 හැවිරිදි රාජපක්ෂ පේඩිගේ ජගත් ප්‍රදීප් ගුණසේන යන අය අය මේ වන විට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම මිය ගිය කාන්තාවට හා සැකකාර පියාට පාසල් අධ්‍යාපනය හදාරන පිරිමි දරුවන් දෙදෙනෙකු වන අතර එක් දරුවෙකුට වයස අවුරුදු 5කි. අනික් දරුවාට වයස අවුරුදු 11 ද වන බව පොලීසිය කියයි.
මියගිය අයගේ දේහය මේ වන විට කෑගල්ල මහ රෝහලේ තබා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලීසියේ පරික්ෂණ සිදු වෙමින් පවති.