සංවිධානාත්මක අපරාධකරුවන් නීති විරෝධී අයුරින් උපයාගත් රුපියල් මිලියන 4000ක් පමණ වටිනා ඉඩම් මෙන්ම රුපියල් මිලියන 2600ක් සංසරණය වූ බැංකු ගිණුම් 102ක් අණාවරණය කර ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
“මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් උපයාගත් වත්කම් රාජසන්තක කිරීම වෙනුවෙන් තොරතුරු ලබාගැනීමට 1917 නමින් දුරකතන අංකයක් ස්ථාපිත කළා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ වෙනම ඒකකයක් ස්ථාපිත කළා.
මේ දුරකතන අංකයට අපට අවශ්‍ය වෙන්නේ අපරාධ කල්ලි විවිධ අපරාධ කිරීමෙන්, මත්ද්‍රව්‍ය ජවාරම්කල්ලි විවිධ ජාවාරම් කිරීමෙන් උපයා ගත් වතකම් පිළිබඳව තොරතුරු ලබා ගැනීමයි.
අගෝස්තු මාසය තුළ මේ දුරකතන අංකයට තොරතුරු 671ක් ලැබිලා තිබෙනවා. මේ තොරතුරු 671ක තුළ අපේක්ෂා කරන තොරතුරු 110ක් තිබෙනවා. ඒ තොරතුරු 110 සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශන කරනවා. අනිත් තොරතුරු අදාළ පොලිස් ස්ථාන වෙත යොමුකර තිබෙනවා.
මීට අමතරව 1997 දරණ දුරකතන අංකය හඳුන්වා දී තිබෙනවා. මේ දුරකතන අංකයට අපි අපේක්ෂා කරන්නේ මත්ද්‍රව්‍ය පිළිබඳව හා වෙනත් දූෂණ වැරදි පිළිබඳ තොරතුරු.
මේ අංකයට තොරතුරු 3800ට අධික ප්‍රමාණයක් ලැබී තිබෙනවා. බස්නාහිර පළාත තුළ පසුගිය මාස දෙකක කාලය තුළ සුවිශේෂී මෙහෙයුම් විශාල ප්‍රමාණයක් සිදුකරනු ලැබුවා.
අපරාධකරුවන් උපයා ගත් වත්කම් විශාල ප්‍රමාණයක් හඳුනා ගත්තා. ඒ කාලය තුළදී එම පළාත තුළ පමණක් ඉඩම් දේපළ 12ක් අණාවරණය කරගෙන තිබෙනවා. ප්‍රමාණය පර්චස් 900ක් පමණ වෙනවා. එහි වටිනාකම රුපියල් මිලියන 4000ක් පමණ වෙනවා.
මීට අමරතව සුඛෝපභෝගී මෝටර් රථ 12ක්, ත්‍රි රෝද රථ 7ක්, යතුරු පැදි 7ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. ඒවත් රාජ සන්තක කිරීමේ ක්‍රියාවලිය සිදුවෙනවා.
ඊට අමතරව අපරාධකරුවන්ගේ බැංකු ගිණුම් 102ක් අණාවරණය කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. මේ බැංකු ගණුම් තුළ පසුගිය කාලයේදී රුපියල් මිලියන 2600කට අධික ප්‍රමාණයක මුදලක් සංසර්ණය වී තිබෙනවා.
ඒ බැංකු ගිණුම් තුළ තිබෙන රුපියල් මිලියන 90ක මුදලක් තහනම් කිරීමට කටයුතු කරමින් තිබෙනවා.”