ඇතැම් පිරිස් නව කොරෝනා වෛරසය හානිදායක නොවන බවට සිදුකරන සාවද්‍ය ප්‍රකාශ මෙන්ම, වසංගතය පිටුදැකීම විවේචනය කරමින් සිදුකරන වෛරී, භයානක හා වගකීමෙන් තොර ප්‍රකාශවලින් සිදුවන්නේ වසංගතය වැඩිවීම පමණක් බව ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් අවධාරණය කරයි.
ජර්මානු නායිකාවගේ නවතම අදහස් දැක්වීම සිදුවන්නේ ජර්මනිය අර්ධ වශයෙන් ලොක්ඩවුන් කරන බව ප්‍රකාශ කිරීමෙන් පසුවය. මෙම අගුලු දැමීම් මගින් ජාතික සෞඛ්‍ය හදිසි තත්ත්වයක් වළක්වා ගැනීම සඳහා කොවිඩ්-19 ආසාදන වැඩිවීම පාලනය අරමුණු කරයි. එහිදී අවන්හල්, බාර් සහ සමාජ ශාලා මේ සමග වසා දැමෙනු ඇත.
"බොරු සහ සාවද්‍ය තොරතුරු මෙන්ම, පටු අරමුණින් යුතුව මේ මොහොතේ සිදුකරන කුමන්ත්‍රණ සහ වෛරී ප්‍රකාශ, ප්රජාතන්ත්රවාදී විවාදයට පමණක් නොව, වෛරසයට එරෙහි සටනටද දැඩි හානිදායකයි" මර්කල් පැවසීය. "වසංගතයට මුහුණ දීමට අපට හැකි වන්නේ සහයෝගීතාවයෙන් හා විනිවිදභාවයෙන් පමණයි."
ජර්මානු චාන්සලර්වරිය ඊයේ (29දා) පාර්ලිමේන්තුවේදී මෙම ප්‍රකාශය සිදුකරන විට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කෑගැසීම් නිසා අවස්ථා කිහිපයකදීම කඩාකප්පල් වූ අතර, එරට අන්ත දක්ෂිනාංශික ජර්මනිය සඳහා විකල්පය පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප වතාවක්ම ඇයට බාධා කළහ.
කෙසේ වෙතත් එම බාධා කිරීම් නොතකා ඇය පවසා සිටියේ, ජර්මනියේ නව කොරෝනා වෛරස තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් පවතින බවය. වර්තමාන ගමන් මඟ දිගටම පැවතුනහොත් ඉදිරි සතිවලදී දැඩි සත්කාර ඒකක පිරී ඉතිරී යා හැකි බවත් මර්කෙල් අනතුරු ඇඟවීය. මේ තත්ත්වය තුළ වුවද, වැඩි සනීපාරක්ෂක පියවරයන් සමග පාසල් සහ පෙර පාසල් විවෘතව තබා ගැනීමේ වැදගත්කමද ඇය අවධාරණය කළාය.
"අපි දැන් ගන්නා පියවර සුදුසු සහ සමානුපාතික පියවරයි" මර්කල් පැවසීය. "නිදහස යනු සෑම කෙනෙකුටම මේ මොහොතේ අවශ්‍ය දේ නොවෙයි. නිදහස යනු වගකීමක්. මොකද අප සිටින්නේ වසංගතය වේගයෙන් වර්ධනය වන තත්ත්වයක. එය අප සැමට බලපාන බව තේරුම්ගත යුතුයි."