අද සිට දින තුනක් ඇතුළත සියලුම පුද්ගලික හා රාජ්‍ය ආයතන සිය සේවක සේවිකාන්වට අදාළ සියලුම තොරතුරු යාවත්කාලීන කර ගන්නා ලෙසට ඉල්ලීමක් කරන බව නියෝජ්‍ය පොලිසපති අජිත් රෝහණ මහතා පැවැසීය.
“බ්‍රැන්ඩික්ස් පොකුර පිළිබඳව සොයා බලන විට අපට පෙනි ගිය කරුණක් තමයි මේ සේවක සේවිකාවන්ගේන පුද්ගලික ලිපිගොනු යථාවත් වෙලා නෑ. මේක සම්ප්‍රදායික ලිපිගොනුවක් ලෙස තිබෙනවා. ඇතැම් ආයතවල මේක පරිගණකයක් තුළ තිබෙනවා.
විවිධ කාරණා නිසා බ්‍රැන්ඩික්ස් ආයතනයේ 1552ක් වූ සේවක සේවිකාවන් හොයා ගන්න හරි අපහසු වුණා බුද්ධි අංශ වලට. ඒ නිසා අපි කාරුණකිව ඉල්ලාව සිටිනවා සියලුම රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන මොනම කාර්යාලයක් පවත්වාගෙන යන අයට අද සිට දින තුනක් ඇතුළත තොරතුරු යාවත්කාලීන් කරන්න.
එහෙම වුණොත් අපිට නිරෝධායන කටයුතු කරන්න වුණොත් පහසුයි.”