සාලි පදනමට බව කියමින් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා විසින් සමූපකාර තොග වෙළඳ සංස්ථාවට අයත් ගබඩා සංකීර්ණයෙන් ගබඩාවක් නිත්‍යනුකූල නොවන අයුරින් බදු පදනම මත ලබා ගෙන බදු මුදල් නොගෙවු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාට අද (05) දැනුම් දුන්නේය.
හිටපු ආණ්ඩුකාරවරුන් වන අසාත් සාලි , එම් එල් ඒ එම් හිස්බුල්ලාහ් සහ කර්මාන්ත, වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සම්බන්ධයෙන් මහජන පැමිණිලි භාර ගැනිම සඳහා පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර තිබු විශේෂ කමිටුවට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් දැනුම් දුන්නේය.
මාතර ආනන්ද සාගර හිමියන් ඉදිරිපත් කළ පැමිණීල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම විමර්ශනය ආරම්භ කළ බවද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් දැනුම් දුන්නේය.
සිද්ධියට අදාළව සිදුකළ විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සාලි පදනමට බව කියමින් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා විසින් සමූපකාර තොග වෙළඳ සංස්ථාවට අයත් ගබඩා සංකීර්ණයෙන් නීත්‍යනුකූල නොවන අයුරින් බදු පදනම මත ගබඩාවක් ලබා ගෙන ඇති බවට ඉදිරිපත් වු පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී විධිමත් ආයතන ක්‍රමවේදයෙන් බැහැරව මේ ගබඩාව කුලි පදනම මත ලබා දී ඇති බව අනාවරණය වු බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. එම සාලි පදනම ලියාපදිංචි පදනමක් නොවන බවත් සතොස සභාපතිවරයාගේ උපදසේ මත හිටපු මානව සම්පත් හා පාලන කළමණාකාරවරයා වන අච්චි මොහොමඩ් මොහහෙමඩ් ඊබ්‍රාහිම් මහතා මේ ගබඩාව අසාත් සාලි පදනමට ලබා දී ඇති බවත් දැනුම් දුන්නේය.
අසාත් සාලි පදනමට ලබා ගත් එම ගබඩාවෙන් 2018 වර්ෂය තෙක් අයවිය යුතුව තිබූ කුලි මුදල් සහ විදුලි ගාස්තු රුපියල් 3444257 57ක් ගෙවා නොමැති බවත් දැනුම් දුන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය 2018, 10, 05 වන දින මෙම ගිවිසුම නීති අංශයේ නිල වශයෙන් අත්සන් කිරිමට අදාළ ලේඛන ඉදිරිපත් කර නැති බවත් එදිනට ඇති ගිවිසුම අර්ථ වශයෙන් අවසන් කළ ගිවිසුමක් බවත් අනාවරණය වු බව දැනුම් දුන් පොලීසිය සතොස ගබඩා භාරව සිටි එම් එන් ඒ අමීන් යන සාලි පදනමේ පුද්ගලික කටයුතු පවා සිදු කර ඇති බවටත් අනාවරණය වී ඇති බවද දැනුම් දුන්නේය.
මෙලෙස ලබා ගත් සමූපකාර තොග වෙළඳ සංස්ථාවට අයත් ගබඩා සංකීර්ණයේ ගබඩාව සාලි පදනම විසින් වියළි හාල්මැස්සන් ගබඩා කිරිමට මුස්ලිම් ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුටම ලබා දී ඇති බවත් ව්‍යාපාරික පිය පුතු දෙපළක් වන අහමඩ් මොහොමඩ් අෂ්රෆ් යන අයට සහ මොහොමඩ් අෂ්රෆ් යන අයට කුලි පදනම මත ලබා දී ඇති බවත් ඔවුන් ඒ සඳහා රුපියල් 210,000 අසාත් සාලි පදනමේ නසාර් යන අයට ගෙවා ඇති බවටත් අනාවරණය වූ බවත් අධීකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා පුද්ගලයන් කිහිප දෙනකුගේ දුරකථන වාර්තා ලබා ගත යුතු හෙයින් ඒ සඳහා දුරකථන සමාගම් හතරකට නියම කරන්නැයි පොලීසිය කළ ඉල්ලීමට අවසර ලබා දුන් මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස පොලීසියට නියම කළේය.