බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව බවත් ඔහු රඳවා තබාගෙන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
“ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ. එම පනතේ ප්‍රතිපාදන අනුව ඔහු රඳවාගෙන පාස්කු ප්‍රහාරය හා ඊට අදාළ ප්‍රශ්න කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් පරීක්ෂණය කරනවා.”