සාලියවැව නීලබැම්ම ප්‍රදේශයේ නිවසක සිටියදි ඊයේ (30) දින උදෑසන අභිරහස් ලෙසඅතුරුදහන් වි ඇතැයි කියන සිවු හැවිරිදි දැරිය සොයා පොලීසිය , සිවිල් ආරක්ෂක බළකා භට පිරිස් හා ජනතාව එක්ව සිදුකරන සෝදිසි මෙහෙයුම් තවදුරටත් සිදු වන බව සාලියවැව පොලීසිය අද (31) දින දහවල් පැවසිය.
මෙසේ අතුරුදහන්වි ඇත්තේ නීලබැම්ම ඔළුමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි සිවු හැවිරිදි ඩබ්ලියු .ජී . තෙනුරි තිසාරා නැමති දැරියකි.
සිද්ධිය සම්බන්ධව පොලීසිය පවසන ආකාරයට 30 දින උදේ 7.30 ට පමණ අතුරුදහන් දැරියත් ඇගේ මවත් නිවසේ සිට ඇති අතර එම අවස්ථාවේ දි දැරියගේ ආච්චි සහ සියා ( දැරියගේ මවගේ සුළු පියා ) නිවසට මිටර් 300ක පමණ දුරින් වු කලා ඔයේ සවිකර ඇති ජල මෝටරයක් ක්‍රියාත්මක කිරීමට ගොස් සිට ඇති බව කියයි.
එසේ ජල මෝටරය ක්‍රියාත්මක කරමින් සිටි ආච්චි ට එකවරම දැරිය කෑගසමින් අම්මා නිවසේ නොමැති බවට හඩමින් විලාප දි ඇති බවත් ඒ අනුව වහාම ආච්චි සහ සියා දැරියගේ හඩට නිවසට පැමිණ ඇති අතර ඒ වන විටත් නිවසේ දැරිය ඇගේ මව සමග අතුරුදහන්ව සිටි බවද පැවසෙයි.
එම අතුරුදහන් විමේන් පැය භාගයකට පමණ පසුව දැරියගේ මව පමණක් නීළබැම්ම පොදු සුසාන භුමියක සිටියදි ගම්වාසින්ට හමුවි නිවසට කැඳවාගෙන විත් තිබු නමුත් දැරිය හමුවි නැති බවද කියයි.
පසුව ගම්වාසින් දැරිගේ මවගෙන් දැරිය පිළිබදව ප්‍රශ්ණ කර ඇති නමුත් දැරිය පිළිබඳව තොරතුරක් ලබා දිමට ඇගේ මවට නිසි කල්පනා ශක්තියක් නොතිබු බව කියයි.
දැනට ලැබෙන තොරතුරු අනුව හෙළිදරව් වි ඇත්තේ වසර කිපයකට පෙර අභිරහස් ලෙස ඝාතනයට ලක්වු බව කියන දැරියගේ මවගේ පියා ඇගේ මවට ආරුඩ වි ඇති බවත් ඒ අනුව විටින් විට “මගේ මිනිපිරිය දියන් , මගේ මිනිපිරිය දියන් යනුවෙන් ඇය ආරුඩයෙන් කෑගසමින් දරුවා ඔසවාගෙන යන බවට අතුරුදහන් වු දැරියගේ ආච්චි මාධ්‍යට පැවසිය.
කෙසේ නමුත් අතුරුදහන් වු දැරිය පිළිබඳව සාලියවැව පොලීසියට 30 දින පෙරවරු කාලයේ දැරියගේ මව පැමිණිලි කර තිබුණි.
පුත්තලමහිරාන් ප්‍රියංකර / ජයරත්න වික්‍රමආරච්චි