අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අවසන් කටයුතු අනිද්දා (08දා) සිදුකිරීමට නියමිතය තිබේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ඊයේ (05දා) පස්වරුවේදී ඔහු මිය ගියේය.
එක්සත් ජනති නිදහස් සන්ධාන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ඒ මහතා කැබිනට් අමාත්‍ය, කැබිනට් නොවන අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය තනතුරු හොබවා තිබේ.
කොළඹ පෞද්ගලික මල් ශාලාවක සිට ඒ මහතාගේ දේහය අද පෙරවරුවේ ඔහුගේ නිවසට ගෙන යෑමට නියමිතව තිබුණි.