වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනම ආවරණය වන ආකාරයට සිදුකළ වැටලීම් 501කදී සැකකරුවන් පන්සියයක් අත්අඩංගුවට ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙහිදී රුපියල් ලක්ෂ හතළිහකට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධී මත්පැන්, ගෝඩා සහ උපකරණ අත්අඩංගුවට ගෙන තිබෙන බවද සුරාබදු දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා සඳහන් කළේය.
වෙසක් පොහොය දිනය වෙනුවෙන් සුරාසැල් වසා තැබීම පසුගිය 17 වැනිදා සිට ක්‍රියාත්මක වූ අතර, මීට සමගාමීව දිවයින පුරා විශේෂ මෙහෙයුම් දියත් කළ බවත් සුරා බදු දෙපාර්තමේන්තුව පවසයි.