කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා විද්‍යාත්මක පදනමක සිට ක්‍රියාත්මක වෙමින් තිබුණු රජය සියලු විද්‍යාත්මක පදනම් පසෙකලා සුරා සැල් විවෘත කිරිම කිසිසේත් අනුමත කල නොහැකි බව ඇඩික් (ADIC) ,සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මෙවන් මොහොතක සුරා සැල් විවෘත කිරීමට තීරණය කිරීම සුදුසු කටයුත්තක් නොවන බව සාමාන්‍ය දැනුමක් අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකුට වටහා ගත හැකි කරුණක් බවද ඔවුන් පෙන්වාදෙයි .
ඇදිරි නිතීය ඉවත් කිරීමත් සමගම රට තුළ සුුරාසැල් නැවත විවෘත කිරීමට රජය තිරණය කළ බව දැනගත් විට විශේෂඥයන් සහ රටට ආදරේ කරන සියලූදෙනා මවිතයටත්, විමතියටත්, විස්මයටත් පත්වී ඇති බවද එම නිවේදනයේ සදහන් වේ
සුරාසැල් විවෘත කිරීම සම්බන්ධ ඇඩික් සංවිධානය නිකුත් කල නිවේදනය
ශ්‍රි ලංකාව කොවිඞ් වසංගතය පාලනය කිරීම සඳහා මේ වෙනතෙක් ගනු ලැබූ නිවරදි තීරණ නිසා අප රට හොදින් මෙම වසංගතය පාලන කිරීමට හැකියාව ලැබිණි. මෙම ජයග්‍රහණය ක්‍රියාත්මක වීම සඳහා රටේ නායකත්වය විශේෂඥ උපදෙස් පිළිපදිමින් රට නිවැරදි දිශාවට ගෙනයෑම නිසා අප රටක් ලෙස මෙම ජයග්‍රහණ අත්පත් කරගන්නා ලදී.
ඇදිරි නිතීය ඉවත් කිරීමත් සමගම රට තුළ සුුරාසැල් නැවත විවෘත කිරීමට රජය තිරණය කළ බව දැනගත් විට විශේෂඥයන් සහ රටට ආදරේ කරන සියලූදෙනා මවිතයටත්, විමතියටත්, විස්මයටත් පත්වී තිබේ. ප්‍රජා වෛද්‍ය විශේෂඥයන් විසින් ඉදිරිපත් කර තිබු කොවිඞ් උවදුරෙන් නිදහස් විමේ උපාය මාර්ග වලද (Exit strategy of COVID-19 epidemic in Sri Lanka Recommendations of the College of Community Physicians (Public Health Specialists) of Sri Lanka (CCPSL))
සුරාසැල් විවෘත නොකළ යුතු බව හොදින්ම අවධාරණය කර තිබිණි.
විශේෂි විශේෂඥ දැනුමක් නොතිබුණද මෙවන් මොහොතක සුරා සැල් විවෘත කිරීමට තීරණය කිරීම සුදුසු කටයුත්තක් නොවන බව සාමාන්‍ය දැනුමක් අවබෝධයක් ඇති ඕනෑම කෙනෙකුට වටහා ගත හැකි කරුණකි.
විශේෂඥ අදහස් වලට විරුද්ධව සුරාසැල් විවෘත කිරීම තුළින්,
x මද්‍යසාර අලෙවි කරන ස්ථාන වල තදබදයක් ඇති විය හැකි බැවින් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට නොහැකි වීම.
x මද්‍යසාර භාවිතය බොහෝවිට සිදුකරන්නේ කණ්ඩායමක් සමග බැවින් සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට නොහැකි වීම.
x මද්‍යසාර භාවිතය ශරීර ප්‍රතිශක්තිය අවම කරන බැවින් මද්‍යසාර භාවිතාකරන්නන්ට කොරෝනා වැළඳීමේ වැඩි අවධානමක් ඇතිවීම.
x මද්‍යසාර භාවිතය නිසා මාර්ග අනතුරු ඉහළ යා හැකි බැවින් එය රෝහල්වල කාර්යය මණ්ඩලයට සහ ආරක්ෂක අංශ වලට අනවශ්‍ය පීඩනයක් ඇති කිරීම.
x මද්‍යසාර භාවිතය මුවාවෙන් සිදු කරන ගෘහස්ත ප්රචණ්ඩත්වය සහ පුද්ගල කලකෝලාහල ඉහළ යෑමක් ඇති වීමට ඉඩ ඇති බැවින් ආරක්ෂක අංශ වලට සහ රෝහල්වල කාර්යය මණ්ඩලයට අනවශ්‍ය පීඩනයක් ඇති කිරීම.
x අඩු ආදායම් ලාභින් තම අතේ ඇති සිමීත මුදල් මද්‍යසාර වෙනුවෙන් වියදම් කිරීම නිසා සමස්ත පවුලම දැඩි පීඩනයකට ලක්වීමේ ගැටලූව තව දුරටත් උත්සන්න කරවන බව පැහැදිලිය.
කොවිඞ් වසංගතය පරාජය කිරීම සඳහා විද්‍යාත්මක පදනමක සිට ක්‍රියාත්මක වෙම්න් තිබුණු රජය සියලූ විද්‍යාත්මක පදනම් පසෙකලා සුරා සැල් විවෘත කිරිම කිසිසේත් අනුමත කල නොහැක. මෙම ව්‍යාපාර පිටුපස සිටින වෙළද ප්‍රජාවල ඇතැමි රාජ්‍ය නිළධාරින් සහ ඇතැම් දේශපාලඥයන් ජනාධිපතිතුමන් ගෙන යන වැඩපිළිවෙළ අකර්මණ්‍ය කිරිමේ කුමන්ත්රණයෙන්, රටත් ජනතාවත් බේරාගැනීමට ජනාධිපතිතුමා කඩිනමින් කටයුතු කරනු ඇතැයි අප බලාපෙෙරොත්තු වෙමු.