සුරාසැල් විවෘත කිරිමත් සමඟ ජනතාව ඒකරාශි වෙමින් පොර කමින් මත්පැන් මිලදි ගැනිමට ගත් උත්සාහය හරහා තවත් කොවිඩ් පොකුරක් ඇති විමේ අවදානමක් පිළිබද සැකයක් මතුව වන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.
එම සංගමය සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් සහිතව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ සුරාසැල් අසල සිදුවු ඒකරාශිවිම් මිට පෙර ව්‍යාජ බෙහෙත් වෙළෙන්දෙකු විසින් හදුන්වා දෙනු ලැබු කුප්‍රකට පැණිය මිලදි ගැනිමට පැමිණි පිරිස් සිහිගැන්වු බවය.
මෙවැනි මාරාන්තික වෛරසයක් පැතිරෙමින් පවතින අවස්ථාවක සෞඛ්‍ය නිර්දේශ නොතකමින් සිදු කෙරෙන මෙවැනි ක්‍රියාවල අහිතකර ප්‍රතිවිපාක පෙන්වා දෙන අතර පාරිභෝගිකයින්ට තමන්ට අවශ්‍ය ද්‍රව්‍ය මිලදි ගැනිම සඳහා නිසි ක්‍රමවේදයක් සකසන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයේ දැක්වේ.