Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
වසර සිය ගණනක් මෙරට පැවැති ඓතිහාසික පුවතක් සාවද්‍ය බවට පත් කරමින් සිරිසඟබෝ රජු හිස දන්දුන් ස්ථානය රාජාංගණය හත්ථිකුච්චි විහාරය බවට අංගසම්පූර්ණ පර්යේෂණයකින් සාධක සහිතව සනාථ කළ බව අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය ඊයේ (14දා) අනාවරණය කළේය.
මේ දක්වා ජනප්රවාදයේත් ඓතිහාසික ලේඛනවලත් සඳහන් පරිදි විශ්වාස කර තිබුණේ ක්‍රිස්තු වර්ෂ තුන්වැනි සියවසේ අනුරාධපුර රජ කළ සිරිසඟබෝ රජු මගියාට හිස දන්දුන් සුප්‍රකට කතාවේ සඳහන් ස්ථානය ලෙස ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ලයි.
වසර 2013දී නව පර්යේෂණ සඳහා අවධානය යොමු කළ භික්ෂු විශ්වවිද්‍යාලය මේ වනවිට එහි සේවය කරන ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරිය ලගමුව මහතාගේ මූලිකත්වයෙන් හත්ථිකුච්චි විහාරය ආශ්‍රිතව එතෙක් අනාවරණය කරගෙන නොතිබූ සෙල්ලිපි 68ක් අධ්‍යයනය කිරීමට පර්යේෂණයක් ඇරඹූ බවත් එම පර්යේෂණය අවසානයේ මෙලෙස ඉතිහාසයේ ප්‍රබල පුවතක් වෙනස් කිරීමට හැකි වූ බවත් බුද්ධශ්රාවක විශ්වවිද්‍යාලයේ උපකුලපති (මහෝපාධ්‍ය) මහාචාර්ය වරදිවෙල විජයසුමන නාහිමියෝ ප්‍රකාශ කළහ.
එම පර්යේෂණයට අදාළව රචිත ‘‘රාජාංගණ හත්ථිකුච්චි පබ්බත විහාරය සහ සිරි සංඝබෝධි බෝධිසත්ව‘‘ ග්‍රන්ථය එළිදැක්වීම නිමිත්තෙන් එම විශ්වවිද්‍යාලයේ ඊයේ (14දා) පැවැති විශේෂ උත්සවයේදී උන්වහන්සේ මේ බව අනාවරණය කළහ.
මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය ආරිය ලගමුව මහතා,
‘‘මෙතෙක් අධ්‍යයනය නොකළ සෙල්ලිපි 68ක් සම්බන්ධයෙන් අපි පර්යේෂණ සිදු කළා. තපස් රකින සිරිසඟබෝ රජු හත්ත වනගල්ලේදී හිස දන්දුන් බවත් පසු කාලයේ එම ස්ථානයේ ගෝඨාභය රජු විහාරස්ථානයක් කරවූ බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ හත්ත වනගල්ල නිට්ටඹුව ප්‍රදේශයේ අත්තනගල්ල කියා තිබූ අපහැදිලි මතය මතය මෙම පර්යේෂණයෙන් බැහැර වෙනවා. ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගල්වැවේ විමලඛන්ථි හිමියන් හා තවත් ආචාර්ය දෙනමක් ද ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් ද සමග වසර දෙකකට අධික කාලයක් මෙම සෙල්ලිපි පර්යේෂණය සිදු කළා. පසුව සෙල්ලිපි පරීක්ෂාවෙන් එහා ගිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළා. ඒත් වැඩි කාලයක් ගියේ ග්‍රන්ථය මුද්‍රණය සඳහා. මෙම සෙල්ලිපි වලින් ද, කුරුටු රූප, කුඩා සෙල් පුවරු පාරිසරික සාධක හා බොහෝ වෙනත් සාධක ඔස්සේ අපි මෙම නිගමනයට පැමිණියා.
මහාචාර්යවරයා සමග මෙම ග්‍රන්ථය රචනා කිරීමට එක්වූ විමලඛන්ථී හිමියෝ මෙසේ පැවසූහ.
මෙම පර්යේෂණයෙන් සැබෑ හත්ථිකුච්චි විහාරය හඳුනා ගැනීමට අමතරව මෙතෙක් පුරාවිද්‍යා ක්ෂේත්රය තුළ ආන්දෝලනාත්මක වූ භාෂා ව්‍යවහාරයන් කිහිපයක් ද ගොඩනැගිලි ඉදිකිරීම් ගැන තිබූ වැරදි අදහසක් ද නිවැරදි කරගැනීමට හැකිවූවා. වහරල‘ නම් වචනයක් විවිධ තේරුම් සහිතව මෙතෙක් භාවිත වී ඇති අතර සෙනරත් පරණවිතාන සූරීන් පවා නිසි ලෙස නිර්වචනය කර නොතිබූ එම වචනයේ තේරුම විහාරස්ථානවල සලාක ප්රදානය ලෙස හඳුනා ගත්තා. එමෙන්ම හත්ථිකුච්චි විහාරයේ ද ඇති ඕවලාකාර ගොඩනැගිල්ල අයත් වර්ගය මෙතෙක් හඳුනාගෙන තිබුණේ ‘හේවිසි මණ්ඩපය‘ ලෙස වුවත් එය ‘ධම්ම සංඝනී ගෘහ‘ ලෙස නිවැරදි නිර්වචනයකට නගන්නට හැකි වූවා.* මෙම අවස්ථාවට බුද්ධශ්රාවක විශ්වවිද්‍යාලයේ හිටපු උපලකුලපති තුඹුල්ලේ ශීලක්ඛන්ධ නාහිමි ප්රමුඛ ශික්ෂු විශ්වවිද්‍යාලයේ පීඨාධිපති හා අංශාධිපති හිමිවරුන් ද, සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන ගාමිණි අධිකාරි, එච්.එම්.ඩී.ආර්.හේරත් හා මහාචාර්ය තුසිත මැන්දිස් මහත්වරු ද ශිෂ්‍ය හිමිවරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක් වූහ.
රඹෑව මනුල වික්‍රම
popular news
rocky Friday, 15 March 2019 12:13 PM
සිරිසඟබෝ රජතුමා හිස දන්දුන් කතාව මුළුමනින්ම බොරුවක්. මේ කතාව ඒ රජතුමාට බොහෝ පෙර සිටි කුමනන් නමැති රජෙකු සම්බන්ධයෙන් ලියවුනු, ද්‍රවිඩ සංගම් සාහිත්‍යයේ එන පුවතක් බව මාර්ටින් වික්‍රමසිංහ ,පරණවිතාන ආදී බොහෝ විද්වතුන් විසින් සාධක සහිතව පෙන්වා දී තිබෙනවා. අනිත් කරුණ: හිසක් දන්දෙන්න පුලුවන්ද? මේවා මිනිසුන්ව රවටන කෙබර කතා නෙව!
Reply : 50 0
Champa Friday, 15 March 2019 03:22 PM
Rocky - අසිංහලයන්, අබෞද්ධයන් සිංහල බෞද්ධ උරුමයට ගරහන එක මානසික ලෙඩක්. බුද්ධාගම ගැන මෙලෝ හසරක් දන්නේ නැති නිසා කට වාචාල කමට අන්‍ය ආගම් වලට ගරහනවා. සිංහල බෞද්ධයන් බුදු දහමින් ලැබුණු හික්මීම නිසා කවදාවත් අන්‍ය ආගම් වලට ගරහන්නේ නැහැ. ඇස් ඉස් මස් ලේ දන් දෙන්න පුළුවන් නම් මොකොද හිස් දන් දෙන්න බැරි? අබෞද්ධයෙක් නිසා ඉතිහාස කතාව දන්නේ නැහැ වගේම යමක් තේරුම් ගැනීමේ හැකියාවත් ඉතාම අඩුයි. දෙමල කුමනන් හිස දන් දුන්න කතාව පිලි ගන්නවා හැබැයි සිරිසඟබෝ හිස දන් දුන්නු කතාව පිළිගන්නේ නැහැ. සිරි සඟබෝ කතාව ලියල තිබුනේ පාලියෙන්. ලෝකේ මුල්ම භාෂාව වුනු සංස්කෘත වලට පස්සේ තිබ්බ ඊළඟ ප්‍රධානම භාෂාව පාලි. සංගම් කියන්නේ දෙමළ සාහිත්‍ය ග්රන්ථයක්. ඒකේ මුල කවදද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒකෙ කියල තියෙන්නේ සොලී, චෞර, පාන්ඩ්ය සහ පල්ලවයන් ගැන. කුමනන් අයිති කොයි කොටසටද? ඔහු බෞද්ධයෙක් නෙමෙයි. අනිත් එක දකුණු ඉන්දියන් පාලකයෝ දෙමල ඉතිහාසයම කියන විදිහට අති දරුණු කෲර පාලකයන්. ඔවුන් ලංකාවට ඇවිල්ල දාගැබ්, වෙහෙර විහාර විනාශ කළා. නමුත් සිරි සඟබෝ රජ්ජුරුවෝ කියන්නේ ඉතා දැහැමිව රජකම් කල බෞද්ධ රජ කෙනෙක්. ඔහුට පරම්පරාවක් තියෙනවා. සිරි ස
Reply : 3 101
Champa Friday, 15 March 2019 01:25 PM
ඉතාම ශ්‍රේෂ්ඨ කර්තව්‍යයක්. මේ වගේ තවත් අධ්‍යනය කල යුතු සෙල් ලිපි හුඟක් තියෙනව වගේම නිවැරදි කලයුතු සාවද්‍ය ඉතිහාස පුවත් හුඟක් තියෙනවා. එයින් එකක් තමයි සිංහලයෝ පැවතෙන්නේ විජය හොරාගෙන් කියන එක. නිකම් බැලුවත් ඒ කතාව වැරදියි. විජය හොරාට කුවෙනිගෙන් ලැබුණු දරුවෝ දෙන්නගේ පරම්පරාවක් ගැන කතාවක් නැහැ. විජය හොරා ඉන්දියාවෙන් ගෙනා බිසවගෙන් දරුවෝ ලැබුනෙත් නැහැ. පණ්ඩුවාසදේව රජ්ජුරුවෝ විජය හොරාගේ බෑනා. ඔහුගේ බිසව භද්දකච්චායනා බුදු හාමුදුරුවන්ගේ පියාගේ සහෝදරයාගේ (ශාක්‍ය වංශික අමිතෝදන රජ්ජුරුවෝ) දියණිය. පණ්ඩුකාභය රජ වුනාට පස්සේ එතෙක් විජය හොරාගේ පිරිස සහ සිංහල යක්ෂ පිරිස අතර තිබුණු ඝට්ඨන නැති වුනා කියලා ඉතිහාසය කියනවා. හේතුව පණ්ඩුකාභය රජ්ජුවන්ගේ පිය පාර්ශවයට යක්ෂ ලේ තිබීම. මේ ගැන ජනප්‍රවාද දෙකක් තියෙනව. එකක් දීඝ ගාමිණීට යක්ෂ ලේ තිබුන කියන එක. අනික තමයි උන්මාද චිත්‍රාට දරුවා ලැබුනේ මුරට තියල තිබුණු යක්ෂ සේනාධිපතියන් දෙන්නගෙන් එක්කෙනෙක් වන චිත්රරාජගෙන් කියන එක. කොහොම වුනත් දීඝ ගාමිණීට උන්මාද චිත්‍රාව හම්බ වෙන්න බැහැ මුරට හිටපු යක්ෂ සේනාධිපති දෙන්න චිත්‍රරාජ සහ කලවිලගේ උදව් නොලැබෙන්න. ඊළඟට Mattakalappu Ma
Reply : 0 0
Champa Friday, 15 March 2019 01:48 PM
Mattakalappu Manmiyam පොතේ තියෙනවා කාලිංඝ මාඝ පොළොන්නරුවේදී පැරද්දුවේ සිංහල යක්ෂ මිනිස්සු කියලා ඒ කාලේ ලංකාවේ හිටපු ජන වර්ගයන් වෙන් කරලා ලියල තියෙනව ඒ පොතේ, කාලින්කාර් (කාලිංඝ මාඝගේ මිනිස්සු) වන්කාර් (වංග රටෙන් ආපු හෙවත් විජය හොරාගේ මිනිස්සු) සහ සින්කාර් (සිංහල යක්ෂ මිනිස්සු) කියලා. පොළොන්නරු රාජධානිය කඩා වැටුනට පස්සේ සිංහල යක්ෂ ජනයා රටේ අනිත් පළාත් වලට විසිරිලා ගිහින් තියෙනව, විශේෂයෙන් දකුණු පළාතට. ඊට පස්සේ පොළොන්නරුවේ වාරි කරමන්තයත් කඩා වැටුණු නිසා ඝන කැලාවෙන් ඒ පළාත් සම්පූරණයෙන් වැහිලා ගිහින්. ඒ අතරේ තමයි දකුණු ඉන්දියාවෙන් කල්ලතෝනි උතුරට ඇවිල්ල තියෙන්නේ. පණ්ඩුකාභය පරම්පරාවට පස්සේ නියම සිංහල රජ පරම්පරාව පටන් අරන් තියෙන්නේ කාවන්තිස්ස රජ්ජුරුවන්ගේ රජ පරම්පරාවෙන් සහ ඔහුගේ පුත්තු දුටු ගැමුණු සහ සද්ධාතිස්ස සහ සද්ධාතිස්සගේ පුත්තු 4 දෙනාගෙන්. විජය හොරාගේ පරම්පරාවක් සිංහලයන්ට ගෑවිලා නැහැ. අනික විජය හොරා එක්ක ආපු හොරු 700ක් වගේ සුළු පිරිසකගෙන් ජාතියක් ගොඩ නැගෙන්න බැහැ. 99% ක් සිංහලයෝ පැවතෙන්නේ යක්ෂ පරම්පාවෙන්. යක්ෂ කියන්නේ යක්කු නෙමේ යකඩ සහ වානේ කර්මාන්තය කරපු මිනිස්සු
Reply : 0 0
Champa Friday, 15 March 2019 02:11 PM
අපේ සමහරුත් දන්නේ නැහැ යක්ෂ කියන්නේ යක්කුවත් නාග කියන්නේ නයිවත් රාක්ෂ කියන්නේ රාක්ෂයන්වත් දේව කියන්නේ දෙවියන්වත් නෙමෙයි කියල. ඔවුන් මිනිස්සු. ගෝත්‍රිකයන් කියන වචනේ මම පාවිච්චි කරන්න කැමති නැහැ ඒ මොකොද කිව්වා නම් අපේ සිංහලයන්ට ඉතා විශිෂ්ට, දියුණු ශිෂ්ඨාචාරයක් තිබ්බ නිසා. ඉතිහාසය කියන විදිහට යක්ෂ වංශිකයන් ජීවනෝපාය විදිහට කරලා තියෙන්නේ යකඩ සහ වානේ වලින් උපකරණ සෑදීම. නාග වංශිකයන් වෙළඳාමේ යෙදිලා තියෙනව. රාක්ෂ වංශිකයන් කෘෂිකර්මාන්තයේ සහ දඩයමේ යෙදිලා තියෙනවා. රාක්ෂයන්ට අවශ්‍ය ගොවි සහ දඩයම් උපකරණ හදල දීල තියෙන්නේ යක්ෂ ජනයා. ඊළඟට දේව වංශිකයන් තමයි රට පාලනය කරලා තියෙන්නේ. ලංකාවේ මුල්ම මිනිස්සු බලන්ගොඩ මානවය අවුරුදු 35,000 කට කලින් කෘෂි සහ දඩයම් මෙවලම් පාවිච්චි කරලා තියෙනව. කලින් එකට කෑල්ලක් එකතු කරන්න ඕනේ. අපිට සිංහ කියන වචනේ ආවේ විජය හොරාගෙන් නෙමෙයි. Mattkalappu Manmiyam එකේ කියන විදිහට ලංකාවේ යක්ෂ ජනය හඳුන්වල තියෙන්නේ Cinkars කියන නමින්. මහාවංශයට ඉන්දියන් අභාෂය ලැබිල තියෙන නිසා විජය හොරාගේ රට සිංහපුරය කියනව නමුත් ඉන්දියන් ඉතිහාසයේ එහෙම එකක් නැහැ. ඒක වංග රට
Reply : 0 0
rocky Friday, 15 March 2019 06:58 PM
මිහිඳු හිමියන් පැමිණි අවදියට ඉහත අවදියක ලංකාවේ උත්තුංග ශිෂ්ටාචාරයක් තිබුන බවට ලිඛිත හෝ භවුතික සාදක කිසිවක්ම නැහැ. ආදී මානවයන්ගේ ඇටකටු සොයාගන්න ලැබුනාට ඔවුන් සිංහලයන්ගේ ආදී පුරුෂයන් ලෙස හඳුන්වන්න බැහැ. ක්‍රිස්තු පුරවා 1000 වකවානුවෙත් පැවතුනේ ගල් යුගයක්. ඔය කියන විදිහේ පුරාජේරු කෙලින්න තරම් පැරණි (සුමේරියන්, මිසර, හිටයිට්, ඇස්සිරියන්,සිරියන්, මොහෙන්ජොදාරෝ,හරප්පා, මිනොවන් වැනි) ශිෂ්ටාචාරයක් අපට තිබුනේ නැහැ. සමහරු නිකං වනසේ කබල් ගානවා. දෙවානම්පියටිස්සට ඉහත මහාවංස කතාව අවුල් ජාලයක්. රජවරුන්ගේ රාජ්‍ය කාල ගණන් ගන්නාවිට ඒ තොරතුරු විස්වාස කරන්න කොහොමටත් බැහැ. අපේ තරම අපි තේරුම් ගත යුතුයි! විජයගේ පැමිණීමට සමාන ග්‍රීක් කතාවක් තිබෙනවා. පණ්ඩුකාභය කතාවට සමාන එකක් මහා සයිරස්ගේ කතාව. උන්මාද චිත්‍රා කතාව සමාන එකක් ග්‍රීක් මිත්‍යා කතාවකින් කියවෙනවා. ධාතුසේන කතාව තමයි, බිම්බිසාර අජාසත්ත පුවත!
Reply : 111 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd