රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
පසුගිය 17 දා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී තමා සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කළ බව සඳහන් කරමින් රාජ්‍ය බුද්ධි සේවාවේ ප්‍රධානී සුරේෂ් සලේ මහතා ඊයේ දිනයේදී මෙම ලිඛිත පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව ඔහු අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුයට පැමිණ පැමිණ ප්‍රකාශයක්ද ලබාදී තිබේ.
අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී නලීන් බණ්ඩාර මහතා තමා පිළිබඳව පදනම් විරහිත කරුණු ඉදිරිපත් කරමින් ද්වේශය හා වෛරය ඇතිවන ආකාරයේ අසත්‍ය කරුණු ඉදිරිපත් කර ඇති බව සුරේෂ් සලේ මහතා පවසයි.
ඒ හේතුවෙන් මැලේ ජාතිකයෙකු ලෙස තමාගේ හා පවුලේ ආරක්ෂාවට ගැටලුවක් ඇතිව ඇති බවත් එසේම එය රටේ ආරක්ෂාවට හා බුද්ධි සේවයට හානියක් බවද සුරේෂ් සලේ මහතා ප්‍රකාශ කර තිබේ.
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන සහරාන් හෂීම් මැලේසියාවේදී සුරේෂ් සලේ හමුවීම, සහරාන්ට මැලේසියාවට, ඉන්දුනීසියාවට හා ඉන්දියාවට යෑමට පහසුකම් සැලසීම, පුහුණුකවට ඉන්දියාවට ගොස් අර්ධ පුහුණුවක් කර ලංකාවට පැමිණීම, සහරාන් පිළිබඳවත් දැනුමක් තිබියදී පාස්කු කොමිෂමට නොකැඳවීම යනාදි ලෙස නලීන් බණ්ඩාර මහතා අසත්‍ය ප්‍රකාශ කළ බව සුරේෂ් සලේ මහතා ප්‍රකාශ කර තිබේ.
තමා කිසිම අවස්ථාවක සහරාන් හෂීන් හමුවී නොමැති බවත් ඔහුට පහසුකම් සැලසීමක් කර නොමැති බවත් සලේ මහතා ප්‍රකාශ කරයි.
එසේම තමන් තුන් වතාවක් පාස්කු කොමිසමට පැමිණ සාක්ෂි දී ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවත් එම විමර්ශන සහකාර පොලිස් අධිකාරිවරයෙක් යටතේ සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.