එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, සිරියාවේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ 200කට වැඩි පිරිසකට නව කොරෝනා වෛරසය වෛරසය වැලඳී ඇති බව එම සංවිධානයේ නියෝජිතයෙකු පවසා තිබේ.
සිරියාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ මානුෂීය සම්බන්ධීකාරක ඉම්රාන් රීසා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන ප්‍රධානීන්ට දන්වා ඇත්තේ ඔවුන් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍ය පහසුකම් ලබාගැනීමට උත්සාහ කරන බවය.
"එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර සිද්ධීන් 200කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. ඔවුන්ගෙන් සමහරක් රෝහල් ගත කර ඇති අතර තිදෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා ඉවත් කර තිබෙනවා." ඔහුගේ නිවේදනයේ දැක්වෙයි.
පසුගිය මාස දෙක තුළ සිරියාව කොවිඩ්-19 ආසාදිතයන් තුළ දස ගුණයකින් වැඩි වී ඇති බව වාර්තා වන පසුබිමක මෙසේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්ය මණ්ඩලයටද කොවිඩ්-19 ආසාදිත යැයි සඳහන් පුවත වාර්තා වේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව, සිරියාවේ මේ වනවිට ආසාදිතයන් 3,171ක් සහ මරණ 134ක් වාර්තා වී තිබේ.