විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපති වශයෙන් කමල් සේනක රත්වත්තේ පත්කර තිබේ. ඔහු හිටපු අගමැතී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ බාල සහෝදරයාවූ ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූද ක්ලිෆඩ් රත්වත්තේ හා මල්ලිකා රත්වත්තේ මහත්මියගේ පුත්‍රයෙකු වෙයි.
රත්වත්තේ මහතා ගල්කිස්ස ශා. තෝමස් විදුහලෙන් සහ ඩී.එස්. සේනානායක විදුහලේ ආදී ශිෂ්‍ය යෙකි.
මැණික් සංස්ථාව විසින් මෙහෙයවනු ලැබූ මැණික් පිළිබඳ එක් අවුරුදු ඩිප්ලෝමාවද, පිරිස් කළමණාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් සහ රක්ෂණ ක්ෂේත්රය පිළිබඳ ඉන්දියානු ඩිප්ලෝමාවක්ද හදාරා තිබේ.
ස්ටැෂන් එක්ස්ෆෝටර්ස් තේ අපනයනය පිළිබඳ සමාගමක රැකියාව ආරම්භ කළ ඔහු ඉන් පසුව ලියෝන් ටී පුද්ගලික සමාගම නමින් තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී.
ජාතික රක්ෂණ සංස්ථාවේ සභාපති, වරාය අධිකාරියේ උප සභාපති සහ සී/ස ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමේ සභාපති වශයෙන්ද කටයුතු කළේය.