මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (07) වසර 03ක සිරදඬුවමකට නියම කළේය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස සිටියදි වාහන මිලදී ගැනීමක් සම්බන්ධයෙන් සිදුවූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.