සුරක්ෂා සිසු රක්ෂණාවරණය සපයා ගැනීම සඳහා රජයට අයත් රක්ෂණ සේවා සැපයුම්කරුවන් වෙතින් යෝජනා කැඳවා ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පමණක් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමග කරන ලද සාකච්ඡා සම්මුතීන්ගෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සුරක්ෂා සිසු රක්ෂණාවරණය සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව වෙත ප්රදානය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.