රජයේ සියලු පාසල්, පිරිවෙන්, පෞද්ගලික පාසල් මෙන්ම ජාත්‍යන්තර පාසල්වල සිසුන්ටද ප්රතිලාභ හිමිවන අයුරින් ක්‍රියාත්මක වන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන අත්හිටුවා නැති බව ද, රටේ දරුවන්ගේ යහපත වෙනුවෙන් ආරම්භ කළ වැඩසටහන් පටු දේශපාලන අරමුණුවලින් බැහැරව අගය කරන අතර, එහි ගැටලු අක්‍රමිකතා ඇති තැන් වෙතොත් ඒවා ද නිවැරදි කර, ඉදිරියටත් ක්‍රියාවට නැංවීමට නොපැකිළව සූදානම් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.
සුරක්ෂා සිසු රක්ෂණ ඉල්ලීම් අදාළ රක්ෂණ ආයතනය විසින් ආපසු හරවා එවන බවට ඇතැම් මාධ්‍යවල පළව තිබූ ප්‍රවෘත්තීන් කෙරෙහි අවධානය යොමු කරමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන අතර, සුරක්ෂා සිසු රක්ෂණය සම්බන්ධ විමසිම්, අදහස් හෝ පැමිණිලි වෙතොත් පහත දුරකථන ඔස්සේ 0112784163 සහ 0112784872 අංකය අමතා එම ශාඛාව සමග සම්බන්ධ වීමට ද අවස්ථාව සලසා දි ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
සුරක්ෂා රක්ෂණාවරණයේ ගෙවිම් ප්‍රමාද නොවි ලබාදීමට නම් ශිෂ්‍ය ඇතුළත් කිරිමේ අංකය හා පාසල් සංගණන අංකය නිවැරදිව ලබා දිය යුතු ය. මවුපිය මරණයකදී නම් දරුවාගේ බැංකු පොතේ සහතික කළ පිටපතක් ද අනෙකුත් අවස්ථාවලදී මවුපියන්ගේ බැංකු ගිණුමේ සහතික කළ පිටපතක් ද අදාළ ලියකියවිලි සමඟ ඉදිරිපත් කළ යුතුය. එසේම වෛද්‍ය වාර්තා හෝ රෝග විනිශ්චය පත්‍රවල තොරතුරු වෙනස් කිරීමට උත්සාහ කිරිම, ප්රතිලාභ අහිමි කිරීමට හේතු වන බව අවධාරණය කරයි.
මේ වන විට සුරක්ෂා රක්ෂණ හිමියන් වෙනුවෙන් සෘජු ප්රතිලාභ ලබා දීමට එකඟත්වය පළ කර ඇති ප්රමුඛ පෙළේ පෞද්ගලික රෝහල් 62ක, ඇතුළත් වීමේ ගාස්තු ගෙවීමකින් ද තොරව නේවාසික ප්‍රතිකාර ගැනීමට අවස්ථාව සලසා ඇත. මෙහිදී කළ යුතු වන්නේ අදාළ රෝහල් කළමනාකාරීත්වය හරහා සුරක්ෂා රක්ෂණ ආයතනය වෙත දැනුම් දීමක් සිදු කිරීමයි. සුරක්ෂා හිමිකම ලබන සියලු පාසල් සිසුන් වෙත සුරක්ෂා රක්ෂණ කාඩ් පත ලබා දිමට දැනටමත් පියවර ගෙන ඇති අතර, එම කාඩ්පත නොමැති වුව ද කිසිදු අපහසුවකින් තොරව මේ රක්ෂණ ප්රතිලාභ සඳහා අයැදුම් කළ හැකි ය.
දිවයිනේ සියලු පාසල්වල අවුරුදු 5-21 වයස් සීමාවේ පසුවන, මිලියන 4.5කට ආසන්න සියලු සිසුන් සුරක්ෂා රක්ෂණයට හිමිකම් කියන අතර, මේ රක්ෂණ හිමිකම් යටතේ රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර සඳහා රුපියල් 200,000ක් ද, බාහිර ප්‍රතිකාර සඳහා රු.20,000/-ක් ද, අසාධ්‍ය රෝග ප්‍රතිකාර සඳහා රුපියල් 200,000ක සිට අවශ්‍යතාව අනුව ඒ සඳහා වැයවන මුළු මුදල ද, පූර්ණ අකර්මණ්‍යතාවක දී රු. 200,000ක් ද, අර්ධ අකර්මණ්‍යතාවක දී රු.150,000/- සිට රු. 200,000/-ක් දක්වා ද, මවුපිය වියෝවක දී එක් අයකුට රු. 200,000/- බැඟින් දෙදෙනාට ම ආවරණය ද, (පවුලේ සියලු දරුවන් සඳහා වෙන් වෙන් ව) ශිෂ්‍ය වියෝවක දී රු. 150,000/- ක මුදලක් ද ප්රතිලාභ ලෙස පිරිනැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කරයි.