රටේ සමස්ත ගංඟා පද්ධතියට ඇතුළත් ගංඟා 103ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන පරිසර සංරක්ෂණ වැඩ සටහන වන සුරකිමු ගංඟා වැඩ සටහන පෙබරවාරි මස 02 දිනට යෙදී තිබෙන ලෝක තෙත්බිම් දිනය සමරමින් ඇරඹීමට සියලු විධවිධාන යොදා ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද දින (03) පරිසර අමාතයාංශයේ දී සාකච්ඡාවක් පැවැති අතර එහිදී මෙම වැඩ සටහන ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මෙම වැඩ පිළිවෙළ සඳහා මෙම වසරට රුපියල් මිලියන 200ක මුදලක් අමාත්‍යවරයා විසින් ඉල්ලා සිටි අතර එම සමස්ත මුදලම ලබා දීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් පියවර ගත්තේය.
නාගරිකව ගලා බසින ගංගා බොහොමයක ජලය දූෂණය වී තිබේ . එයට හේතුව ගංගාධාරවල පදිංචිව සිටින බොහෝ දෙනෙක් ඔවුන් විසින් බැහැර කරන අපද්‍රව්‍ය ගංගා වලට මුදා හැරිමයි.
මේ වනවිට අප රටේ සියලුම ගංගා ආශ්‍රිතව සිදු කළ විශේෂ විමර්ශණයකින් අනතුරුව එවැනි ස්ථාන සියල්ලම හඳුනාගෙන ඇති නිසා ගංගාධාර විදිමත් ව සංරක්ෂණය සඳහා සියලු පියවර ගත හැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම වැඩ සටහන අවසන් වන විට වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 32කි.