ඔබේ ඡන්දෙන් දැන් කනේ පහර සිරිකොතට වැදි ඇති බවත් ඒ නිසා එක ඇතුලේ දැන් තොයිලයක් නටනවා වාගේ යැයි විදේශ සබඳතා , නිපුණතා සංවර්ධන රැකි රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ජනාධිපතිවරණයට ස්තූතිය පලකිරීමේ ජනහමු මාලාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය,
එම ජන හමුව ඇමතූ අමාත්‍යවරයා ,
''ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ගෝඨාභය රාජපක්ෂ මහතා විශිෂ්ඨ ජයග්‍රහණයකට ගෙන ඒමට කටයුතු කළ ඔබ සැම ඉතා පළමු කොට අපගේ ප්‍රණාමය පුද කරන්නට ඕන. ඒ ජයග්‍රහණය ලක් ඉතිහාසයේ වැදගත් අවස්ථාවක්.. දේශපාලන පක්ෂ , සංවිධාන හා ජනතාව එකතු වෙලා ඇති කල ජාතික මහා පෙරළියක්. හිටපු රාජ්‍ය අමාත්‍ය කැස්බෑව සංවිධායක ගාමිණී ලොකුගේ මහතා හා තමුන්නාන්සේලා අපි කීහිපවතාවක් හමුවුණා. තමුන්නාන්සේලාට අපිට ඡන්ද ව්‍යාපාරයට අවබෝධ කර දෙන්නට පුළුවන්කම ඇති වුනා. ඒ වගේම ජනතාව අතර ද අවබෝධයක් ලබා දෙන්නට පුළුවන්කම තිබුණා. තිබුණු ආණ්ඩුව තිබුණොත් අපිට රටක් ඉතුරුවෙයිද කියන සැකය. තිබුණු ආණ්ඩුව ආණ්ඩුකරයේ රට පාවාදෙන ගිවිසුම අත්සන් කරමින් රටේ පැවැත්ම අවිනිශ්චිත කරමින් රටේ සංවර්ධනය විනාශ කරමින් පක්ෂයකට විරුද්ධ නිසා නොවෙයි සත්‍යය එයයි. ඒවා අවබෝධ කරගත් ජාතික දේශපාලන ව්‍යාපාර 2015 පරාජයේ සිට අපි ඉදිරියට ගේන්න මැදිහත් වුණේ මේ භයානක ගමනකට රට හැරවෙන නිසාය.
ජාතික ස්වාධීනත්වය හා නිදහස යටපත් කලා. ගිවිසුම් රාශියක් එයට අත්සන් තැබුවා. ජිනීවා සිට අන් අත්සන් කළ ගිවිසුම් නිසා ජාතික නිදහස හා ස්වාධීනත්වය යටපත් වුණා. ඒවා ක්‍රියාත්මක වීමට ඉඩදිමට එරෙහි මහජන මතය ඔබ අපි ගොඩනැගුවා. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ඇති කළ මේ යෝධ මහජන මතය නිසා එය ක්‍රියාත්මක කිරීම කල් ගියද ඒ සඳහා වූ බැඳියාව ඒ රටවල් සමඟ යූඑන්පී ආණ්ඩුවේ තිබුණා. එය අප අවසන් කළ යුතුයි. ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි අධිෂ්ඨානයක ප්‍රතිඥාවෙන් කටයුතු කරමින් සිටිනවා.
දෙවැන්න රටේ පැවැත්ම. අපේ රට පවතින්න ඕන රටක් හැටියට. වෙනත් රටවල කොටසක් හැටියට නොවෙයි. ඒ වෙනුවෙන් අවතීර්ණ වූ භයානක ගමන නැවැත්වීමට රජය පියවරක් ගනිමින් සිටිනවා පියවර කීපයක් මේ වන විට අරගෙන තිබෙනවා.
තුන්වැන්න ඔබ කවුරුත් දන්නා ආර්ථික කඩා වැටීම. අපේ රටේ ආර්ථීක සංවර්ධන වේගය 2.5 % ක පමණ යූඑන්පී ආණ්ඩු කාලේ කඩා වැටුනා. වැඩි ආර්ථික න්‍යායන් කතාකරන්නට ඕන නෑ. ගෝඨාභය රාජපක්ෂ මහතා ප්රමුඛ අපේ වැඩපිළිවෙල පොරොන්දු වුණා ගමේ නිෂ්පාදනයට තැනක් දෙන්න. තේ ටික, රබර් ටික, බෝග වගාව, ගම්මිරිස් ටික, කුරුදු ටික මේවට තැනක් දුන්නොත් තමයි ඈත එපිට රටේ ගම්මාන වල ආදායම ඉක්මවා පළ දරන්නේ. යූඑන්පී ආණ්ඩුව යටතේ තේ ගෙනැල්ලා කවලම් කරන්න පිටරට කොම්පැනි වලට දුන්නා. අපේ රබර් මිශ්‍ර කරන්න අවසර දුන්නා. අපේ ගම්මිරිස් වියට්නාමයෙන් ගෙනල්ලා කවලම් කරලා ලංකා ගම්මිරිස් කියලා විකුණන්න දුන්නා. ලෝකයේ ඉස්තරම්ම වර්ගයේ කුරුදු නිෂ්පාදනය කරන මේ භූමියේ කුරුඳු වලට බාල කුරුඳු වර්ග ගේන්න ඉඩ දුන්නා. ඇමතිවරු මහදරපෑපු මෙම ජාවාරම නිසා රටේ කෘෂිකාර්මික නිෂ්පාදනය වේගයෙන් කඩාවැටෙන්න පටන්ගත්තා. මේ ආර්ථික අවුලෙන් යූඑන්පියට ගොඩ එන්න නෙවෙයි ඔවුන්ට ඕන වුණේ. ජාවාරම කරගෙන යන්න. ඉවසීමෙන් සිටි අවබෝධයෙන් සිටි ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාව එකට පෙළ ගැස්විලා මේ යෝධ ජයග්‍රහණය ගොඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන්නේ ඒ නිසා. මේ වන විට පිටරටින් ගේන ඒ ද්‍රව්‍ය ඔක්කොම නවත්වලා තියෙනවා. අපේ රටේ නිෂ්පාදන වලට මිල ටික ටික දැන් ඉහළ යන්න පටන් අරන් තියෙනවා. ඊළඟට එය පිටරටට විකිණීමේ කාර්යයට රජය මැදිහත් වන්නට බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ තුළින් තවත් ආදායම් මාර්ගයකට මේ අංශ ඇති වෙන්න පුළුවන්කම ඇතිවෙනවා. මේ අංශ වලට ආයෝජන කරන්න පුළුවන් වුනොත් විතරයි ආර්ථිකය පිබිදෙන්නේ. සංවර්ධනය රටේ වේගවත් කළ හැක් වෙන්නේ. එක පැත්තකින් රජයේ ආයෝජන තව පැත්තකින් පුද්ගලික ආයෝජන වැඩිකරමින් සංවර්ධන වේගය වැඩිකරන්න බලාපොරොත්තු වෙනවා. තරුණ තරුණියන්ගේ අධ්‍යාපනයෙන් පස්සේ ලබා ගන්නා උපාධිය ක්‍රියාත්මක කළ හැකි ලෙස අලුත් වැඩපිළිවෙලක් ජනාධිපතිතුමා ඉදිරි සති 02 තුළ ප්‍රකාශයට පත් කොට ආරම්භ කරනවා. සෑම උපාධිධාරියෙකුටම අවස්ථාවක් ලැබෙනවා. උපාධිධාරී ගැහැණු/පිරිමි, උසස්පෙළ සමත්ව විශ්වවවිද්‍යාල සඳහා ඇතුල් වීමට නොහැකි වූ ළමයින්ටත් ඒහා සමාන ඩිප්ලෝමා හා වෘත්තීය අධ්‍යාපනයට පිවිසෙන්න අවස්ථාව විශේෂයෙන් ලබා දීලා තියෙනවා.
මේ කාරණා ටික කිව්වේ අපි උත්සාහ දරනවා ජීවන වියදම බඩු මිළ පුළුවන් තරම් ඔරොත්තු දෙන තත්වයකට ගේන්න. දැනටමත් එම තත්වය සඳහා පියවරගෙත ඇති වුවත් වෙළඳපොලේ පාලනය පුද්ගලික අංශයන් යටතේ තමයි ආහාර ද්‍රව්‍ය අතින් වැඩියෙන් තියෙන්නේ . ඒ නිසා තමයි සම්පූර්ණ මිල ගණන් වලට සහනය ජනතාවට භුක්ති විදින්නට සම්පූර්ණයෙන්ම අමාරු වි තියෙන්නේ. ඒ නිසා අපි ඒකට ජනාධිපතිතුමා, අගමැතිතුමා, අමාත්‍ය මණ්ඩලය අවධානය මැදිහත්විම ඇති කරමින් තිබෙනවා. ආහාර ද්‍රව්‍ය වල මිල මහජනයාට ඔරොත්තු දෙන ස්ථානයට ගේන්න අපේ අධිෂ්ඨානය ඔබ දුන් වරම එලෙස ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වෙනවා" යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.