කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇති විශ්වවිද්‍යාල වල අධ්‍යන කටයුතු එළැඹෙන 27 දා සිට ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව මෙසේ සරසවිවල අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.
නේවාසිකාගාර විවෘත කිරීමේදී සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කරන බවත් මුලින්ම හතරවන හා තෙවැනි වසර සිසුන් වෙනුවෙන් සරසවි ආරම්භ කරන බවත් ඔහු පැවැසීය.
ඉන් අනතුරුව පළමු හා දෙවැනි වසරවල අධ්‍යන කටයුතු ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.