2020 අගෝස්තු 19 වැනි දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්රමයේ කාලසීමාව දීර්ඝ කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන්ට සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ සිය ණය අයදුම්පත් 2020 සැප්තැම්බර් 30 දක්වා අදාළ බලපත්‍රලාභී බැංකුවලට ඉදිරිපත් කළ හැකිය.
ඉහත පහසුකම යටතේ බලපත්‍රලාභී බැංකු මගින් අයදුම් කරන ලද ණය අයදුම්පත් 36,489ක් සඳහා රු.මිලියන 100,017ක් අනුමත කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව 2020 අගෝස්තු 18 වැනි දිනට රු.බිලියන 100ක ණය කඩඉම අභිභවා ගොස් තිබේ. අනුමත ණයවලින් බලපත්‍රලාභී බැංකු 2020 අගෝස්තු 18 වැනි විට දිවයින පුරා පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් 25,365ක් අතර බිලියන 68.5ක් මුදා හැර ඇත..
අනුමත කරන ලද රු.බිලියන 100ක ණය මුදල අතුරින් 50%ක ප්‍රමාණයක් වෙළෙඳාම ප්රමුඛ සේවා අංශයේ ව්‍යාපාර සඳහා ද, 34% ක හා 16% ක ප්‍රමාණයන් පිළිවෙලින් කර්මාන්ත හා කෘෂිකාර්මික අංශයේ ව්‍යාපාර සඳහා ද ලබා දී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව, රජය හා එක්ව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ස්වයං රැකියා හා තනි පුද්ගල ව්‍යාපාර ද ඇතුළුව සියලු ව්‍යාපාර සඳහා, වාර්ෂිකව 4%ක පොලී අනුපාතිකයක් යටතේ මාස හයක සහන කාලයක් ද ඇතුළත්ව මාස 24ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් සහිතව කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සැපයීම සඳහා මෙම ණය පහසුකම අදියර තුනක් යටතේ හඳුන්වා දී ඇත.