තීන්ත හා ලැකර්වල අඩංගු ඊයම් ප්‍රමාණය නිෂ්පාදනයේ ලේබලයේ සටහන් කළ යුතුව තිබුණද, ආයතනවලින් 98%ක් පමණ මෙම නීතිය ක්‍රියාත්මක නොකරන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
1985/38 ගැසට් නිවේදනයට අනුව පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මෙම නීතිය ක්‍රියාත්මක විය යුතු බවද එම සංගමයේ විධායක අධ්‍යක්ෂක හේමන්ත විතානගේ මහතා සඳහන් කළේය.
1725/30 ගැසට් නිවේදනයට අනුව හා 2011 සැප්තැම්බර් 30 වැනිදා නිකුත් කළ විශේෂ ගැසට් පත්‍රයට අනුව 'ඉමල්ෂන්' තීන්ත කිලෝග්රෑමයකට උපරම ඊයම් ප්‍රමාණය මිලිග්‍රෑම් 90ක් බවත්, 'එනමල්' තීන්ත කිලෝග්රෑමයකට මිලිග්‍රෑම් 600ක් බවද ඔහු පවසා සිටියේය.
එහෙත් ලේබලයේ ඊයම් ප්‍රමාණය සඳහන් නොකිරීම නිසා ජනතාවට තීන්තවල හා ලැකර්වල ඊයම් ප්‍රමාණය සොයා ගැනීමට නොහැකි බවද ඔහු සඳහන් කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව ශරීරයට අහිතකර රසායනික 10න් එක් රසායනික ද්‍රව්‍යයක් වන්නේ ඊයම් බවද ඒ මහතා පවසා සිටියේය.