සයිප්‍රස්හි සමාජ ආරක්ෂණ අරමුදල් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ගෙවීමට හෝ ඒ සඳහා අයදුම්පත්‍ර ලබා ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර නොමැති බව විදේශ රැකියා අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා අද (08දා) පැවසීය.
වසර 15ක කාලයක් අඛණ්ඩව සයිප්‍රස්හි සේවය කරන ශ්‍රමිකයන්ට පමණක් ලබාදෙන මෙම විශ්‍රාම වැටුප ලබා ගැනීමට සුදුසුකම් සැපිරූ අයගේ හිඟයක් ශ්‍රී ලංකාවේ පවතින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
සයිප්‍රස් රාජ්‍යය සඳහන් කරන සුදුසුකම සපුරා නොමැති පුද්ගලයන්ට සමාජ ආරක්ෂණ අරමුදල් ගෙවීමට නොහැකි බවද නානායක්කාර මහතා පැවසීය.
මෙම තත්ත්වය තුළ වසර 06ක් අඛණ්ඩව සේවය කළ පුද්ගලයන්ට විශ්‍රාම වැටුප ලබාදෙන්නැයි සයිප්‍රස් රාජ්‍යයෙන් ඉල්ලීම් කර තිබෙන බවත්, යුරෝපා සංගමය සමග සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බවට එම රට දන්වා තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ඇතැම් පුද්ගලයන් අසත්‍ය ප්‍රචාර පතුරුවා තිබීම හේතුවෙන් සයිප්‍රස් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ සම්බන්ධව එරට සේවය කර යළි ශ්‍රී ලංකාවට පැමිණි අය කලබල වී තිබෙන බවද ඒ මහතා පැවසීය.
මෙම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ සම්බන්ධව විදේශ සේවා කාර්යාංශයෙන් වැඩිදුර තොරතුරු විමසන ලෙසත්, බාහිර පාර්ශ්ව ගෙනයන ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මනුෂ නානායක්කාර මහතා පැවසීය.