සයිනොෆාම් එන්නත් මාත්‍රා 30ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සේවය කරන රියදුරකු සහ සුළු සේවකයකු සිය භාරයට ගත් බව පොලිසිය පවසයි.
හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ප්‍රමෝද එම්. සිරිවර්ධන මහතා විසින් ඊයේ (16) හබරාදුව පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව ඔවුන්ගෙන්ම ප්‍රශ්න කරමින් පවතී.
මෙලෙස සොරකම් කර ඇතැයි කියන සයිනොෆාම් එන්නත් රුපියල් 90,000ක් පමණ වටිනා බව වෛද්‍යවරයා විසින් පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.
ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට ගාල්ල කොට්ඨාස අපරාධ ඒකකයට නියෝග කර ඇති අතර මේ පැමිණිල්ල සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය විසින් ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පසුගියදා ගාල්ල උණවටුණේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සිදුවූ එන්නත් අවභාවිතාව සම්බන්ධයෙන් ද ගාල්ල කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විමර්ශනයක් කරගෙන යයි.
සිරංගිකා ලොකුකරවිට