සයිනොෆාම් එන්නත මගින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට ඉතා සුවිශේෂී රැකවරණයක් ලැබෙන බව දේශීය ව සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී ඇති බවට රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියි. මේ සතියේ බදාදා හෝ බ්‍රහස්පතින්දා වන විට පරීක්ෂණයට අදාළ වාර්තා එළිදැක්විය හැකි බවට ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.