මෙරට එන්නත්කරණයේ වැඩසටහන යටතේ ඊයේ (18) දිනයේ සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 34,476 දෙනෙකුට ලබාදි ඇත.
ඊට අමතරව එහි පළඹු මාත්‍රාව පුද්ගලයින් 22,419 දෙනෙකුට ලබාදි ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට පුද්ගලයන් 1,423,874 දෙනෙකුට ලබාදි ඇති අතර දෙවන මාත්‍රාව ලබාගෙන ඇති සංඛ්‍යාව 414,448කි.