ශ්‍රී ලංකාවට චීනයෙන් ප්‍රදානයක් ලෙස ලැබුණ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 5න් 125000ක් ගාල්ල, මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතා පදනමින් ලබාදෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
ඉතිරි 375000 පළමු වටයේදී සයිනොෆාම් එන්නත් ගත් අයවලුන් සඳහා දෙවැනි වටය ලබාදීමට යොදා ගන්නා බවද ඔහු සඳහන් කළේය.
එසේම චීනයෙන් අනවුම් කළ එන්නත් මාත්‍රා මිලියන 3ක් ළඟදීම ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.