රජයේ රෝහල් වල සායන වල ලියාපදිංචි කර ඇති රෝගින්ට ඖෂධ නිකුත් කිරීම තැපැල් මාර්ගයෙන් නිකුත් කිරීමට වැඩ සටහනක් ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව මාසයකට හෝ මාස 2කට සරිලන ඖෂධ රොගින්ගේ නිවෙස් වලටම තැපැල් මාර්ගයෙන් නිකුත් කෙරෙනු ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ මහත්මිය සදහන් කරන්නේ රජයේ රෝහල්වල සායන වලට රෝගින් ලබා දී ඇති ලිපිනයන්ට මෙම ඖෂධ නිකුත් කරනු ඇති බවයි.
තැපැල් දෙපාර්තමේන්තුව හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව ගෙන යන මෙම වැඩසටහන පිළිබඳ යම් ගැටලුවක් පවතීනම් 0720720720 / 0720606060 අංක අමතන ලෙස ඇය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.