සයිටම් ආයතනය ඇති කිරීම හොඳ ක්‍රියාවක් බවත්, වර්තමාන ආණ්ඩුව එම වැඩේ විනාශ කළ බවත් හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පවසා සිටියේ අද (14දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
එසේම සයිටම් ආයතනය ආරම්භ කරනු ලැබූයේ තමා විසින් බවත්, ඒ පිළිබඳ තමා අදටත් අභිමානයෙන් ප්‍රකාශ කරන බවත් ඒ මහතා පවසා සිටියේය.
සයිටම් ආයතනයට අත්වූ තත්ත්වය හොඳ වැඩක් බවත්, එම හොඳ වැඩේට මේ ආණ්ඩුව වගකිවයුතු බවත් හෙතෙම සඳහන් කළේය.
නිදහස් අධ්‍යාපනයයි සයිටම් ආයතනය වර්ග දෙකක් බවත්, එය පටලවා නොගත යුතු බවත් එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් පවසා සිටියේය.