එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක කටයුතු සඳහා යැවීමට නියමිත හමුදා නිලධාරීන් හා සෙබළුන් 400 දෙනා සඳහා නිෂ්කාශන වාර්තා ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට දැනුම්දී මාස 09ක් ගතවී තිබුණද මේ දක්වා නිෂ්කාශන වාර්තා ලබාදී තිබෙන්නේ 07 දෙනෙකුට අදාළව පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පැවසීය.
ඉතිරි නිලධාරීන් හා සෙබළුන් පිරිස යවාගත නොහැකිව තිබෙන බවද මන්ත්‍රිවරයා පවසා සිටියේය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාවට වෙන්වූ ඇණවුමෙහි පුරප්පාඩු පිරවීම සඳහා එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා මෙහෙයුම් කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ඉන්දියාවට, පාකිස්තානයට, බංග්ලාදේශයට හා ඉතියෝපියාවට දිමට සූදානම් බවයි.