ජර්මනියේ කොරෝනා වෛරසය බෝවීමේ අනුපාතය 1 හි තීරණාත්මක අගයට වඩා 1.13ක් දක්වා ඉහළ ගොස් ඇති බවට ඇස්තමේන්තු කර ඇතැයි එරට රෝග හා පාලන මධ්‍යස්ථානය වන රොබට් කොච් ආයතනය පවසයි.
පසුගිය සෙනසුරාදාට පෙර ජර්මනියේ වෛරසය බෝවීමේ අනුපාතය 1 ට වඩා අඩු බව ආයතනය වාර්තා කරයි.
මෙසේ වෛරසය බෝවීමේ අනුපාතය යනු කොරෝනා වෛරසය ආසාදනය වූ එක් එක් පුද්ගලයාගෙන් ආසාදනය වන සෙසු පුද්ගලයන්ගේ සාමාන්‍ය අගයයයි.
ඒ අනුව මෙම වෛරසය බෝවීමේ අනුපාතිය වැඩිවීම පෙන්නුම් කරන්නේ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් විසින් අගුලු දැමීමේ පියවර ලිහිල් කරන බව නිවේදනය කර දින කිහිපයකට පසුව ජර්මනිය පුරා ආසාදිතයන් ඉහළ යාමෙනි.
පසුගිය සතියේ බදාදා මර්කල් නිවේදනය කළේ එරට සියලුම වෙළෙඳ සැල් සහ පාසල් ක්‍රමයෙන් නැවත විවෘත කිරීම මෙන්ම බුන්ඩෙස්ලිගා පාපන්දු ලීගය නැවත ආරම්භ කරන බවයි.
රොබට් කොච් ආයතනය පැවසුවේ මෙම ඇස්තමේන්තු සමග තවමත් අවිනිශ්චිතතාවක් පවතින නමුත්, වෛරසය බෝවීමේ අනුපාතය වැඩිවීම ඉදිරි දින කිහිපය තුළ සංවර්ධනය ඉතා සමීපව නිරීක්ෂණය කිරීම අවශ්‍ය බවයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව ජර්මනියේ කොරෝනා වෛරස ආසාදිතයන් 171,879ක් වාර්තා වන අතර, 7,569ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.