කොරෝනා වෛරසය වසංගතය සැලකිය යුතු ලෙස වේගවත් වන බවත්, එය තුන්වැනි රැල්ලක් බව වඩාත් ප්රකටව සහ පැහැදිලි වෙමින් පවතින තත්ත්වයක් බවත් ප්‍රංශ අගමැති ජීන් කැස්ටෙක්ස් අනතුරු අඟවයි.
මේ වනවිට ප්‍රංශයේ කොවිඩ්-19 ආසාදනය සමග සෑම මිනිත්තු හතරකට වරක් එක් පුද්ගලයෙක් දැඩි සත්කාර ඒකකයට ඇතුළු වන බව අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.
ඊටත් වඩා කනස්සල්ලට කරුණ නම් මීට පෙර ඇති වූ පළමු වැනි හා දෙවැනි රැළි හා සසඳන විට රෝගය ආසාදනය වී රෝහල් ගත කරනු ලබන පුද්ගලයන් තරුණ හා සෞඛ්‍ය සම්පන්න අය වීම බවද ඔහු සඳහන් කළේය.
කැස්ටෙක්ස් පැවසුවේ බ්‍රහස්පතින්දා ප්‍රංශයේ නව ආසාදන 35,000ක් වාර්තා වූ අතර, එය පසුගිය සතියට සාපේක්ෂළු 23.6%ක වැඩිවීමක් බවත්, එක්සත් රාජධානියේ හඳුනාගෙන ඇති වෛරස ප්‍රභේදය ඉන් හතරෙන් තුනකටම හේතු වී ඇති බවය.