කොවිඩ්-19 වෛරසය පාලනය සඳහා නිවසේ රැඳී සිටීෆම් ක්‍රියාමාර්ග සහ වෙනත් සීමාවන් ඉවත් කර ඇති සමහර රටවල සති අන්තයේදී කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.
අධ්යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කර සිටියේ ඊයේ (11දා) ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවකදීය.
"ගෙවීගිය සති අන්තයේ ඉදිරියේ ඇති විය හැකි අභියෝගවල සලකුණු අපි දුටුවා. කොරියානු ජනරජයේ තැබෑරුම් සහ සමාජ ශාලා ආශ්‍රිතව නව පොකුරක් සොයාගැනීමට හැකිවුණා."
"චීනයේ වුහාන් නගරයද අගුලු දැමීම ඉවත් කිරීමෙන් පසු පළමු වරට පොකුරු හඳුනාගෙන තිබෙනවා." ටෙඩ්රොස් පැවසීය.
"සීමාවන් ලිහිල් කිරීමෙන් පසු ජර්මනියද ආසාදිතයන්ගේ වැඩිවීමක් වාර්තා කර තිබෙනවා. වාසනාවකට වගේ මේ රටවල් තුනේම සිදුවීම්වල නැවත නැඟිටීම හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දැක්වීමට ක්‍රමවේද පවතිනවා."
අගුලු දැමීමේ පියවරයන් ඉවත් කිරීමට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රටවල් සඳහා සලකා බැලිය යුතු මාර්ගෝපදේශ සහ නිර්ණායක ඇති බවද ටෙඩ්රොස් පැවසීය.
"ලොක් ඩවුන් ඉවත් කිරීමේ අභියෝගයට මුහුණ දීම සඳහා ප්‍රධාන මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග පවතින බව සහතික කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය රජයන් සමඟ සමීපව කටයුතු කරනවා. මොකද එන්නතක් ලැබෙන තුරු, සවිස්තරාත්මක නිර්දේශ පැකේජය යනු අපගේ වඩාත් ඵලදායී මෙවලම් සමූහයයි." අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.