විද්‍යුත් මාධ්‍ය හරහා උණුසුම් පුවත් විකාශය කිරීමේදී ඇතැමි උණුසුම් පුවත් උණුසුම් පුවත් සඳහා නුසුදුසු දේවල් පවා උණුසුම් පුවත් ලෙස වාර්තා කළ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“උණුසුම් පුවත් විකාශය කිරිමේදී හැම කෙනෙක්ම වැඩ නවත්වලා ඒක දිහා බලාගෙන ඉන්නවා. හැබැයි උණුසුම් පුවත්වලට සුදුසු දෙවල් නෙමෙයි උණුසුම් පුවත් ලෙස ප්‍රචාරය වුණේ.
උණුසුම් පුවත් ගහන්න ඕන තමයි. සමහර උණුසුම් පුවත් දැක්කාම ඒක උණුසුම් පුවත් නෙමෙයි. ඊට පැය 12කට පස්සෙ කිව්වත් කමක් නැති එකක්.
මේ තත්ත්වයේදී ප්‍රධාන වශයෙන්ම ජනතාව සන්සුන් කරන්න. ත්‍රස්තවාදය මර්දනය කරන්න රටේ සාමය ඇති කරන්නේ මාධ්‍යයේ සහාය බලාපොරොත්තු වෙනවා.”