ඉදිරි සති දෙක තුළ එංගලන්තයට ජාතික වශයෙන් සමස්ත ලොක්ඩවුන් එකකට (අගුලු දැමීමකට) යාමේ හැකියාවක් නොමැති බව කැබිනට් අමාත්‍ය තෝරස් කෝෆි අවධාරණය කරයි.
නව කොරෝනා වෛරස වසංගතය පාලනය කිරීමට සහ එක් ආසාදිත පුද්ගලයකු පසුකර යන සාමාන්‍ය පුද්ගලයන්ගේ (ආසාදිතයන් නොවන පුද්ගලයන්ගේ) සංඛ්‍යාව අඩු කිරීමේ උත්සාහයක් ලෙස එංගලන්තයේ සති දෙක තුනක ලොක්ඩවුන් එකක් සඳහා එක්සත් රාජධානියේ විපක්ෂ නායක කෙයර් ස්ටාර්මර් අඟහරුවාදා කළ යෝජනාවට පිළිතුරු වශයෙන් කැබිනට් අමාත්‍යවරිය මෙම අදහස් පළ කළාය.
කම්කරු හා විශ්‍රාම වැටුප් කැබිනට් අමාත්‍ය කෝෆි පැවසුවේ ස්ථර තුනක නව සීමාවන්ට යටත්ව ජනතාවට වැඩ කිරීමට අවස්ථාවක් ලබා දිය යුතු බව රජය විශ්වාස කරන බවයි.
බදාදා සිට බලාත්මක වූ එංගලන්තයේ ස්ථර තුනක නව සීමාවන් තුළ ප්‍රාදේශීය වශයෙන් සිදුවන අගුලු දැමීමේ පියවර ගණනාවක් ගෙන එන අතර, ප්‍රධාන වශයෙන් එංගලන්තයේ උතුරු හා මිඩ්ලන්ඩ්ස් ප්‍රදේශවලට බලපාන බව කියයි.
මේ තත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂයේ ස්ථාවරය ප්‍රකාශ කරමින්, ඉදිරි සති දෙක තුළ එංගලන්තය ජාතික වශයෙන් ලොක්ඩවුන් එකකට යනවාදැයි ඇසූ විට කෝෆි පැවසුවේ, "එය එසේ යැයි මා විශ්වාස කරන්නේ නැහැ. නමුත් මා පවසන පරිදි මෙය අග්‍රාමාත්‍යවරයා විසින් ගනු ලබන තීරණයක් වනු ඇති." යනුවෙනි.
ප්‍රාදේශීය වශයෙන් ගන්නා සීමාවන් ශක්තිමත් කිරීම අවශ්‍ය විය හැකි බව ඇය පිළිගත් අතර, මිනිසුන්ගේ ජීවිත මෙන්ම, ජීවනෝපායන් සුරැකීමට අත්‍යවශ්‍ය තැනක සිට රජය පියවර ගනු ඇති බවද අමාත්‍යවරිය කියා සිටියාය.
මේ අතර, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රේචල් රීව්ස් පැවසුවේ මේ වතාවේ රජය එය වැරදියට තේරුම් ගෙන ඇති බවය.
"රජය විසින් භාවිත කරන ලද ක්‍රමවේදය, විද්‍යාව අනුගමනය කරන නමුත් එය තවදුරටත් එසේ වන්නේ නැහැ." ජාතික වශයෙන් ලොක්ඩවුන් එකක් ඉල්ලා සිටි රීව්ස් වැඩිදුරටත් පැවසුවේ, "අපි දැන් එම පියවර නොගත්තොත් එය දිගු කාලීනව අපට වැඩි අවාසියක් දැරීමට සිදුවන තත්ත්වයක් වේවි. මෙය සති තුනකට පෙර අවශ්‍ය වූ අතර, දැන් එය අත්‍යවශ්‍යයි." යනුවෙනි.