අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟ පිටාර ගැලීම නිසා පොළොන්නරුව සෝමාවතිය ප්රධාන මාර්ගය දෙවැනි දිනය වන අද (03) දිනයේදිත් කිලෝමිටරයක් පමණ දුරක් අඩි තුනක පමණ ජලයෙන් යටවී ඇතැයි දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
ඒ හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පුලස්තිපුර පොලීසිය පැවැසීය.
සෝමාවතිය පුදබිමට ආසන්නයේ මාර්ගය තැන් මෙසේ ජලයෙන් යටවී පැවැතීම නිසා එහි රථවාහන ගමනාගමනය සිදුකළ නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති නිසා මාර්ගය වසා දැමූ බවත් ගංවතුර තත්ත්වය පහව යන තෙක් දින නියමයක් නොමැතිව ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම මාර්ගය වසා දමා ඇති බව පුලස්තිපුර පොලීසිය පවසයි.
පොළොන්නරුව ආපදා කළමණාකරණ ඒකකය පවසා සිටින්නේ ඉහළ ජලාශවල වාන් දොරටු විවෘත කිරිමත් පවතින වර්ෂාවත් සමග ගංවතුර තත්ත්වය ඉහළ යන බවත් රට මැදට පවතින වර්ෂා තත්ත්වය අඩුවු විට සොමාවතිය පුද බිම් මාර්ගයේ ගංවතුර අඩුවිමට ඉඩ ඇති බවයි.
පොළොන්නරුවේ කිසිදු වැවක් වාන් මට්ටමේ නොමැති බව වාරිමාර්ග අධ්යක්ෂකවරයා පවසා සිටි.