සෝමාලියානු අගනුවර වන මොගඩිෂු වෙත ඊයේ (21දා) සිදුවූ මෝටාර් ප්රහාරයකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.
සෝමාලියානු ජාතික හමුදා ගුවන්විදුලිය පැවසුවේ අල්-ෂබාබ් ඉස්ලාමීය ත්රස්තවාදීන් විසින් මෙම ප්රහාරය දියත් කළ බවයි. මෙම ප්රහාරයෙන් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.
අල්කයිඩා සංවිධානයට සම්බන්ධ ඉස්ලාමී ත්රස්ත කණ්ඩායම වන අල්-ෂබාබ් නවතම ප්රහාරයේ වගකීම භාර ගත්තේ ඔවුන්ගේ සටන්කරුවන් සෝමාලියානු ජනාධිපති මන්දිරය ඉලක්ක කරගත් බව පවසමිනි.
කෙසේවෙතත්, නවතම ප්රහාරයේදී දැඩි ලෙස ආරක්ෂාව ශක්තිමත් කරන ලද ස්ථානයට කිසිදු මෝටාර් ප්රහාරයක් එල්ල වී නොමැති බව එරට ආරක්ෂක අංශ පවසයි.