මුන්දලම පාලශෝලේ ප්‍රදේශයේ නිවසක වහලයේ රෙදිපටකින් එල්ලී මරණයට පත් පුද්ගලයෙකුගේ මරුණය සම්බන්ධයෙන් සැකපිට ඔහුගේ බිරිඳ, බිරිදගේ සහෙහෝදරයෙකු සහ ඔහුගේ බිරිඳ 07දා අත්අඩංගුවට ගත්බව මුන්දලම පොලීසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මුන්දලම පදිංචි වන්නිනායක තෙන්නකෝන් මුදියනසේලාගේ අසංක සමන් නැමති 37 හැවිරිදි දෙදරු පියෙකි.
මරණකරුගේ සිරුරේ තැලීම් සහ සීරීම් තුවාල තිබූ අතර ගෙබිම මතද ලේ පැල්ලම් තිබී ඇත. මෙම මරණය පිළිබඳව පොලීසියෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී මරණකරුගේ බිරිඳ විසින් පොලීසියට කරන ලද ප්‍රකාශ කීපයකට අනුව මරණකරුගේ බිරිඳ සහ ඇයගේ සහෝදරයෙකු එම සහෝදරයාගේ බිරිඳත් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය විසින් සිදුකළ විමර්ෂණයකදි හෙලිව ඇත්තේ මෙම යුවලටදාව දරුවන් දෙදෙනෙකු ඇතත් ඔවුන් නීත්‍යානුකූලව විවාහවී නොමැති බවයි. දෙදෙනාම එම නිවස පිහිටි කොහු මෝලක කුලී කම්කරුවන් ලෙස සේවය කර ඇත. දෙදෙනාම බීමතට ඇබ්බැහිවී ඇතිබවත් සිද්ධිය සිදුවූ දා මෙම දෙපළ අතර රන්ඩුවක් සිදුව ඇතිබවත් හෙලිව ඇත.
මරණකරු සම්බන්ධයෙන් සථානීය පරීක්ෂණයක් සිදුකළ පුත්තලම මහේස්ත්‍රාත් අසේලද සිල්වා මහතා මෘතශරීරය සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාව සහ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලීසියට නියෝග කළේය.
ලලිත් නවරත්න