පොලිසිය දැක කැලණි ගඟට පැන පළා යාමට තැත් කළ සංවිධානාත්මක අපරාධ කරුවෙක් වන ඉඳුනිල් වජිර කුමාර නොහොත් ඉන්ද්‍රා නැමැත්තා දැඩි පරිශ්‍රමයක් දරා අත්අඩංගුවටගෙන පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී රුපියල් එක්ලක්ෂ පනස්දාහක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සොයා ගැනීමට හැකි වූ බව නවගමුව පොලිසිය කියයි .
එම අවස්ථාවේදී සැකකරු දියේ ගිලෙන්නට යාමෙන් ඔහුට ක්ෂණිකව ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළ බව පොලිසිය කියයි .
සැකකරු සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් දහයක් පොලිස් භාරයට ගෙන ඇත
චෝදනා රැසක් හේතුවෙන් බන්ධනාගාරගතව සිට මීට දින 6 කට පමණ ඉහත දී ඇප මත නිදහස්ව පැමිණි තිබුණු සැකකරු ඝාතනයට ලක්වූ සමයං නමැත්තා ගේ ප්‍රධාන වෙඩික්කරුවා බව පොලිසිය කියයි
සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතාට ලද තොරතුරක් අනුව සැකකරු පදිංචි ජල්තර ප්‍රදේශයේ නිවස වටලා පරීක්ෂා කිරීමේදී ඔහු එම අවස්ථාවේ නිවසේ නොසිටි බව පොලිස් නිලධාරීයෙක් පැවසීය
්ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් ජිප් රථයෙන් පොලිසිය වෙත පැමිණෙමින් සිටියදී රනාල ප්‍රදේශයේ දී සැකකරු පොලිස් ජීප් රථය දැක දිව ගොස් කැලණි ගඟට පැන පීනා පලායාමට උත්සාහ කිරිමේදි අත්අඩංගුවට හැකිවූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය
සැකකරු අධිකරණයට ඉදිරිපත් කර දින හතක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කරන බව පොලීසිය කියයි
නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතා පරීක්ෂණ පවත්වයි