එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආයුධ සන්නද්ධ අරගලය තමන් කිසිවිටකත් අනුමත නොකරන බවට පසුගියදා සමාජ මාධ්‍යයකට ප්‍රකාශයක් කර බවට පැවසෙන දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ගේ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර සමාව ගත යුතු බවට උතුරේ දේශපාලඥනයින් දැඩි විරෝධය පල කොට සිටිති.
සුමන්තිරන් හිටපු මන්ත්‍රීවරයාගේ අදාල ප්‍රකාශය සමාව දිය නොහැකි වැරද්දක් බවටත් එම ප්‍රකාශය තමන් ඇතුලු පක්ෂය දැඩි ලෙස හෙලා දකින බවට දෙමළ ජාතික සන්ධානයේ ටොලෝ පක්ෂ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයික්කලනාදන් ප්‍රකාශයක් නිකුත් කොට ඇත.
එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ , සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය දෙමළ ජනතාවටම දැඩි අගෞරවයක් දෙන බවටත් වහාම පක්ෂයේ මධ්‍යමකාරක සභාව රැස් කොට මන්ත්‍රීවරයාට එරෙහිව පරික්ෂණයක් සිදු කල යුතු බවටය.
එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චාල්ස් නිර්මලනාදන්, ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්තන් මෙන්ම හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලංගම් යන අයද එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය දැඩි ලෙස හෙලා දකිමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා වෙතට දැනුම් දී ඇත්තෙ හැකි ඉක්මනින් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කැඳවා සුමන්තිරන් මන්ත්‍රීවරයාට එරෙහිව දැඩි පියවරක් ගත යුතු බවටත් එසේ නොවන්නට තමන් දැඩි පියවරක් ගන්නා බවටත්ය.
එලෙසින් උතුරේ සිවිල් සංවිධාන කිහිපයක්මද සුමන්තිරන් මන්ත්‍රීවරයාට එරෙහිව දැඩි විරෝධයන් පා සිටිති.