සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ට ගැටලු ඇතිවන ආකාරයට එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරායා නිකුත් කළ චක්‍ර ලේඛ්‍ය අත්හිටුවන ලෙසට විෂයභාර අමාත්‍ය දයා ගමගේ මහතා විසින් බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
දෙපාර්තමේන්තුවට සේවකයන් අන්තර්ග්‍රහණය කිරීමේදී දැනට පවතින වැටුප් අඩුවන ආකාරයට මෙම චක්‍ර ලේඛ්‍ය නිකුත් කර ඇතැයි සමෘද්දි සංවර්ධන දෙපාර්තමේන්තු වෘත්තීය සමිති සඳහන් කරයි.
අධ්යක්ෂ ජනරාල්වරයා අප්‍රේල් 04 දා මෙම චක්‍ර ලේඛය නිකුත් කර තිබේ. එය අවලංගු කරන ලෙස ඉල්ලා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් මේ වන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක්ද දියත් කර තිබේ.
දැනට විදේශ සංචාරයක නිරත දයා ගමගේ මහතාට මේ පිළිබඳව දැන ගැනීමට ලැබීමෙන් පසුව මෙම චක්‍ර ලේඛය අවලංගු කරන ලෙස ඔහු උපදෙස් ලබාදී තිබේ.
මෙම චක්‍ර ලේඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කිරිමකින් තොරව නිකුත් කර ඇතැයි වාර්තාවන අතර ඒ අනුව මින් ඉදිරියට තමා දැනුවත් නොකර චක්‍ර ලේඛ නිකුත් කර නොහැකි බවටද අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.