ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට ෆේස්බුක් සහ යූටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූවෛරී ප්‍රකාශ සහ අසත්යපුවත්සම්බන්ධ පැමිණිලි 400ක් ශ්‍රීලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සහ ප්රජාතන්ත්රවාදය උදෙසා තරුණයෝ එකමුතුව විසින් මැතිවරණ කොමිසමට භාරදී තිබේ.
වාර්තා වූ සිද්ධි 2,000ක් අතුරින් නිශ්චිත ලෙසම අදාළ නිර්ණායක යටතට ගැනෙන පැමිණිලි 400ක් මෙලෙස මැතිවරණ කොමිෂන් සභාවට යොමු කළ බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පැවසීය.
මැතිවරණ ප්‍රචාරණය කළ නොහැකි කාලසීමාවේදී මේවා ප්‍රචාරය වීමට ඇති ඉඩ වැඩි නිසා මේ පිළිබඳ වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස තම සංගමය සහප්රජාතන්ත්රවාදය උදෙසා තරුණයෝ සංවිධානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටි බවද ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍ය‘වේදීන්ගේසංගමය සඳහන් කරයි.
මැතිවරණ ප්‍රචාරණ කටයුතු තහනම් කාලසීමාවේදී සමාජ මාධ්‍ය හරහා මෙවැනි දේ ප්‍රචාරය කිරීම අවම කරවීමට කටයුතු කිරීම තම අරමුණ බව ප්‍රකාශ කළ මැතිවරණ නිලධාරීහු, මෙම පැමිණිලි 400 සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බවද මැතිවරණ කොමිෂන් සභාව එහිදී දැනුම්දී ඇත.
අසත්‍ය පුවත්, වෛරී ප්‍රකාශ, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ අපහාසාත්මක ප්‍රකාශයන් මෙලෙස වර්ගීකරණය කර මැතිවරණ කොමිසමට භාරදුන් පැමිණිලි අතර වේ.
මෙමපැමිණලි භාරදීමේ අවස්ථාවට ශ්‍රී ලංකා තරුණ ජනමාධ්යවේදීන්ගේසංගමයේ නියෝජිතයෝසහ ප්රජාතන්ත්රවාදය උදෙසා තරුණයෝ සංවිධානයේ නියෝජිතයෝ පිරිසක්ද එක්ව සිටියහ.