ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (28දා) සමාජ මාධ්‍ය කේන්ද්‍ර කරගත් විධායක නියෝගයකට අත්සන් කිරීමට සැලසුම් කර ඇති බව ධවල මන්දිර සහායකයන් එයාර්ෆෝස් වන් හි ගමන් කරන වාර්තාකරුවන්ට පැවසීය.
කෙසේ වෙතත් මෙම විධායක නියෝගයෙන් කුමක් කියනු ඇත්ද යන්න පිළිබඳව ඔවුන් සතුව කිසිදු තොරතුරක් නොමැති නමුත්, ට්විටර් විසින් තොරතුරුවල නිරවද්‍යතාව පිළිබඳ කරුණු පරීක්ෂා කළ දින සිට ට්‍රම්ප් ට්විටර් සමඟ අරගලයක නිරතව සිටියි.
ඒ අනුව ඊයේ උදෑසන ට්වීට් පණිවුඩ නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ කන්සවේටිව් අදහස් යටපත් කිරීමට සමාජ මාධ්‍ය කටයුතු කරන්නේ නම් සමාජ මාධ්‍ය සමාගම් නියාමනය හෝ වසා දැමීමට තමන් කටයුතු කරන බවයි.
පසුගිය අඟහරුවාදා ට්විටර් සමාගම විසින් ට්‍රම්ප්ගේ ට්වීට් දෙකක් තොරතරුවල නිරවද්‍යතාව පිළිබඳ සලකුණු කිරීමත් සමග මෙම ආරවුල ඇති විය.
මෙවැනි වසංගතයක් තුළ පුද්ගලිකව ඡන්දය ප්‍රකාශ කිරීමට බල නොකෙරෙන පරිදි සෑම ඇමරිකානුවෙකුටම ඡන්ද පත්‍රිකා යැවීමේ ආණ්ඩුකාරවරුන්ගේ සැලසුම්වලට ජනාධිපති සහ රිපබ්ලිකන් පක්ෂය විරුද්ධ වී ඇත.
නමුත් පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් ඡන්දය දීමට හොඳම ක්‍රමය මෙය යැයි ඩිමොක්රටික් පක්ෂ්ය තර්ක කරයි. නමුත් ට්‍රම්ප් චෝදනා කර ඇත්තේ ඡන්දය සොරකම් කිරීම, ඡන්ද පත්‍රිකා එකතු කිරීම හෝ වංචනික ලෙස නිර්මාණය කිරීමක් මේ හරහා සිදුවිය හැකි බවයි.